අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය දරුවන්ට ලැබෙන සියලු දේ ආබාධ සහිත දරුවන්ටත් - අමාත්‍ය එස්.බී.

    මැයි 12, 2016

    සමාජයේ සාමාන්‍ය දරුවන්ට ඇති සියලු ම ඉඩප්‍රස්ථා ආබාධ සහිත දරුවන්ටත් ලබා දීම තම අරමුණ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බත්තරමුල්ල ජී.එච්. බුද්ධදාස පැවති සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ආබාධ සහිත දරුවන්ගේ ක්‍රීඩා උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

    ජීවිතයේ යම් අඩුපාඩු සහිත ව උපදින දරුවන් ඇතැම් අවස්ථාවල සාමාන්‍ය දරුවන්ට වඩා වාසනාවන්ත බවත් සාමාන්‍ය දරුවන්ට වඩා සමහර දේවලින් ඔවුන්ට දුකක් දැනෙන්නේ අඩුවෙන් බවත් ඔහු සඳහන් කළේය.

    "මේ දරුවන්ට සමාජයේ වෙනත් අය වගේම නටන්න, දුවන්න, ඉගෙන ගන්න අවස්ථාව උපරිමයෙන් ලබාදීම අපේ මූලික වගකීමක් හා යුතුකමක් වෙනවා. අපේ ආගම අනුව මිනිසා සතුටු වෙනවාට වඩා වැඩියෙන් දුක්වෙනවා. යම් යම් ආබාධ තත්ත්වයන් තිබුණත් මේ දරුවන් සියලුදෙනා අපට වඩා සතුටින් ඉන්නවා. අපේ සමාජයේ අනෙක් අයට තියෙන ඉඩප්‍රස්ථා උපරිමයෙන් ම මේ දරුවන්ටත් ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව" අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya