මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වොලිබෝල් තරඟාවලියේ ශූරතාව සමඟි කවය හා නිර්මාණ කවය ඒකබද්ධ කණ්ඩායම දිනාගනී

    අප්‍රේල් 28, 2016
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  සංවිධානය කළ වොලිබෝල් තරඟාවලිය පසුගියදා මාතර කොටුව - මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
    තරඟාවලියේ ශූරතාව සමඟි කවය හා නිර්මාණ කවය ඒකාබද්ධ කණඩායම විසින් දිනාගත් අතර අනුශූරතාව ශක්ති කවය විසින් දිනා ගන්නා ලදි.
     
    තරඟවට හතකින් සමන්විත මෙම වොලිබෝල් තරඟාවලිය සඳහා කණ්ඩායම් නවයක් සහභාගි වූ අතර එක් කණ්ඩායමක් සඳහා තරඟ කරුවන් සිව් දෙනෙකු සහ තරඟ කාරියන් දෙදෙනෙකු බැගින් සහභාගි වූහ.‍
     
    ශක්ති, එකමුතු, තුළිත, ප්‍රදීප, අලුත් අස්වැන්න, දක්ෂිණ, සමෘද්ධි, සමගි, සංඛ්‍යාන, හිරු, වීර, විනිවිද හා නිර්මාණ යනාදී ඵලදායිතා කව මේ සඳහා සහභාගිත්වය දැක්වූහ.
     
    අවසන් තරඟය සඳහා ශක්ති කවය නියෝජනය කළ කණ්ඩායම හා සමඟි කවය හා නිර්මාණ කවය ඒකාබද්ධ කණ්ඩායම තේරීපත් වූ අතර තරඟ වට තුනට දෙකක් ලෙස ජයග්‍රහණය කිරීමට සමඟි කවය හා නිර්මාණ කවය ඒකාබද්ධ කණ්ඩායම සමත් වූහ.
     
    තරඟාවලියේ දක්ෂතම පන්දු පිරිනැමීම ශක්ති කවය නියෝජනය කළ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී එච්.එස්. අමරදේව මහතා, තරඟාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නා දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී දීප්ති සෙනරත් මහතා සහ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ශක්ති කවය නියෝජනය කළ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඩබ්.ඩී. රේණුකා මල්කාන්ති මහත්මියයි.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මෙම වොලිබෝල් තරඟාවලිය සංවිධානය කෙරිණි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya