අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව එකමුතු කවය දිනාගනී

    අප්‍රේල් 20, 2016
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවති සැහැල්ලු පන්දු  ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව එකමුතු කවය විසින් දිනාගත් අතර අනුශූරතාව සමෘද්ධි කවය විසින් දිනා ගන්නා ලදි. 
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම ක්‍රිකට් තරඟාවලිය මාතර කොටුව - මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්විණි.
     
    සීමිත ඕවර හතකින් හා තරඟවට හතකින් සමන්විත මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායම් නවයක් සහභාගි වූ අතර එක් කණ්ඩායමක් සඳහා තරඟ කරුවන් හත් දෙනෙකු සහ තරඟ කාරියන් සිව්දෙනෙකු බැගින් සහභාගි වූහ. මෙහි දී පන්දු යැවීම හා පන්දුවට පහර දීම යන අංශ දෙක සඳහා ම තරඟ කාරියන් වෙනුවෙන් ඕවර දෙකක් වෙන්කර තිබුණි.
     
    ශක්ති, එකමුතු, තුළිත, ප්‍රදීප, අලුත් අස්වැන්න, දක්ෂිණ, සමෘද්ධි, සමගි, සංඛ්‍යාන, හිරු, වීර හා විනිවිද යනාදී ඵලදායිතා කව මේ සඳහා සහභාගිත්වය දැක්වු අතර අවසන් තරඟය සඳහා සමෘද්ධි කවය හා එකමුතු කවය තේරීපත් වූ අතර අවසන් තරඟයේ කාසියේ වාසිය දිනාගත්තේ සමෘද්ධි කවය නියෝජනය කළ කණ්ඩායමයි. 
     
    තරඟාවලියේ දක්ෂතම පිතිකරු එකමුතු කවය නියෝජනය කළ නිරෝධ හේවාවිතාරණ මහතා, දක්ෂතම පන්දු යවන්නා එකමුතු කවය නියෝජනය කළ ජගත් චන්දන අතුකෝරළ මහතා සහ තරඟාවලියේ වීරයා එකමුතු කවය නියෝජනය කළ මධුනිකා තුෂාරි මෙනෙවියයි.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කෙරිණි.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya