අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේදී ශ්‍රී ලංකාවේ 68 වන ජාතික නිදහස් දිනය සැමරේ

    පෙබරවාරි 06, 2016

    ශී‍්‍ර ලංකාවේ 68 වන ජාතික නිදහස් දිනය උත්සවයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් චීනයේ බීජීං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පසුගිය 04 වැනි දා පැවැත්විණි.


    ශී‍්‍ර ලංකාවේ සමීපතම මිතුරු රටක්වන මහජන චීනයේ, විශේෂයෙන්ම එහි අගනුවරවන බීජිං නගරයේ හා ඒ අවට ප‍්‍රදේශවල පදිංචි වී සිටින, රැකියාවල නිරිත පිරිස්, අධ්‍යාපනය ලබන 200කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටින බවත් චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයන්ගෙනුත්, බීජිං නුවර දළඳා සමිදුන් වැඩ වසන විහාරස්ථානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ අනෙකුත් ආගමික නියෝජිතයන්ගේ සහභාගිත්ව හා ආශිර්වාදය ලැබී තිබෙන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේක කොඩිතුවක්කු මහතා පැවසීය.

     

    ජනාධිපතිතුමා, අගමැතිතුමා හා විදේශ අමාත්‍යවරයගේ නිදහස් දින පණිවිඩවලින් අද සමරන නිදහසේ වැදගත්කම විස්තර කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා එම පණිවිඩවලින් සඳහන් වන දෙයට අමතරව චීනයේ සිටින අපට සතුටු විය හැක්කේ චීන මහජන සමූහාණ්ඩුව හා ශී‍්‍ර ලංකාව අතර මිත‍්‍රත්වය 1950 සිට අඛණ්ඩව පවත්වාගෙන එන සම්බන්ධතාවයයි. එහිදී අපගේ ලිඛිත ඉතිහාසයේ වාර්තා පෙන්නුම් කරන අන්දමට අප දෙරට අතර සම්බන්ධතාවය භික්ෂූන් වහන්සේලාගේ සංචාර තුළින්, වෙළඳ සම්බන්ධතාවයන් අතීතයේ විශේෂයෙන් නාවික සේද මාර්ගය ඔස්සේ සිදුවී තිබෙන බවත් එයට අමතරව රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතාවයනුත් ඒ යුගයේ සිදුවුනු බවට වාර්තාවන් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


    කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.


    “නවීන රාජ්‍යයන් දෙකක් ලෙස 1950 ඇරඹෙන සම්බන්ධතාවය ප‍්‍රථමයෙන් 1950 ජනවාරි මස චීන මහජන සමූහාණ්ඩුව ශී‍්‍ර ලංකාව විසින් පිළිගැනීම තුළිනුත්, 1952 රබර් - සහල් ගිවිසුම හරහා වෙළඳ සම්බන්ධතාවයනුත් 1957 දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සම්බන්ධතාවයනුත් තහවුරු වෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක් නොව ආරක්ෂා සේවාවල සාමාජිකයන්ට විශාල වශයෙන් උසස් අධ්‍යාපන අවස්ථාවන් මේ වනවිට ඇතිවී තිබෙනවා. 2002 ඉදිකිරීම් ආරම්භ කරන ලද කොළඹ ජාතික ප‍්‍රාසාංගික රංග ශාලාව ඉදිකිරීම තුළින් සංස්කෘතික අංශ අතර සම්බන්ධතා පුළුල් වූවා. යටිතල පහසුකම් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඇතිවුන සහයෝගිතාවය හා නුදුරු අනාගතයේ අපේක්ෂා කරන සෘජු ආයෝජන සහිත සම්බන්ධතාවය තුළින් චීන ශී‍්‍ර ලංකා මිත්ත‍්‍රත්වයේ අලුත් පරිච්ජේදයක් ඇතිවනු ඇත. අප දෙරට අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේදී අපගේ තානාපති කාර්යාලයේ කාර්ය භාරයට අමතරව චීනයේ විවිධ කේෂත‍්‍රවලට සම්බන්ධව සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ සහයෝගය ඉතාමත් අත්‍යාවශ්‍ය වනවා. අප සියලු දෙනා මෙහි සිටින කාලය තුළ කටයුතු කරන අන්දම මත අප රට සම්බන්ධව ප‍්‍රතිරූපය චීන ජනතාව හඳුනාගනු ලබනවා. එහෙයින් සියලුම ශී‍්‍ර ලාංකිකයන් මේ අවස්ථාවේ අධිෂ්ඨාන කර ගත යුතු වන්නේ අප දෙරට අතර ඇති මිත‍්‍රත්වය ප‍්‍රවර්ධනය කරන්නත්, ශක්තිමත් කරන්නත්. ඒ සඳහා චීන ජාතික මිත‍්‍රයන්ගේ එමෙන්ම රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන්ගේ හා ආර්ථික සහ සංස්කෘතික ප‍්‍රජාවේ සහයෝගයන් අපට අත්‍යාවශ්‍යයි.“

     

    e1f39c08 50c8 4cdd abb6 8025e216c430

    55740adf f00c 41e3 a84f 4cb4e8a06df2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya