අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුහද ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය මාතලේ දිසා ලේකම් කාර්යාලයීය කණ්ඩායමට

    පෙබරවාරි 02, 2016
    මාතලේ ශාන්ත තෝමස් ක්‍රිඩාංගණයේ පැවැති සුහද ක්‍රිකට් තරඟයේ ශුරතාවය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කණ්ඩායමට හිමිවිය.
    නිරෝගිමත් රාජ්‍ය සේවයක් බිහි කිරිමේ අරමුණ ඇතිව ක්‍රිඩාව හා ව්‍යායම පදනම් කර ගෙන පසුගිය 25 දා සිට ආරම්භ කළ ශරිර සුවතා වැඩසටහනට සමගාමීව  මෙම සුහද ක්‍රිකට් තරඟය පැවැත්විණි.
     
    මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ අදහසකට අනුව පැවැත් වූ මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගය සදහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කණ්ඩායම සහ මාතලේ මහ රෝහල් වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සහභාගි වූහ.
     
    අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඉෂාන් විජේතිලක මහතාගේ නායකත්ව යටතේ තරග වැදුණූ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය කණ්ඩායම ඕවර් 15 අවසානයේ ලකුණූ 149 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ මාතලේ මහ රෝහල් කණ්ඩායම සියලු දෙනාම දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණූ 132 කි.
     
    තරගයේ හොදම පිතිකරුවා වුයේ  දිසා ලේකම් කාර්යාලයේ චින්තක ඉලංගසිංහ වු අතර හොද ම පන්දු රකින්නා දිසා ලේකම් කාර්යාලයේ චමිල් සකලසූරි මහතායි . හොඳම තුන් ඉරියව් ක්‍රිඩකයා දිසා ලේකම් කාර්යාලයේ ඉෂාන් විජේතිලක මහතායි. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya