මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල රාජ්‍ය සේවකයන්ට ශරීර සුවතා ව්‍යායාම් මධ්‍යස්ථානයක්

    පෙබරවාරි 01, 2016

    ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන ජාතික සතියට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ , රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ශරීර සුවතා ව්‍යායාම් මධ්‍යස්ථානයක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම ශරීර සුවතා ව්‍යායාම් මධ්‍යස්ථානය විවෘත කරනු ලැබූ අතර මේ අවස්ථාව සඳහා සබරගමු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා, දිස්ත්‍රික්කය නියෝජනය කරන මලල ක්‍රීඩකයන්  ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    එක්වර 15 දෙනෙකුට පමණ ව්‍යායාම්වල නිරත විය හැකි මෙම ශරීර සුවතා මධ්‍යස්ථානය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ මග පෙන්වීම යටතේ ස්ථාපිත කරන ලදී. AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya