අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 - 2016 සමස්ත ලංකා සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරගාවලියට අයදුම්පත් භාර ගැනේ

    ඔක්තෝබර් 07, 2015

    2015 - 2016 සමස්ත ලංකා සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇතැයි සැහැල්ලු පන්දු කි‍්‍රකට් සම්මේලනයේ සභාපති චන්ද්‍රපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

    මෙම තරගාවලිය දිවයිනේ ග්‍රාමසේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආසන, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් පැවැත්වෙන අතර අවසන් මහා තරගාවලිය පළාත් මට්ටමින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    මෙම තරගාවලියෙන් දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන්ට ජාතික මට්ටමින් සැහැල්ලු පන්දු කි‍්‍රකට් කණ්ඩායම් ලෙස ජාත්‍යන්තර වශයෙන් විදෙස් රටවල පැවැත්වෙන සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරග සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

     

    2015 - 2016 සමස්ත ලංකා සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරගාවලිය සඳහා අයදුම්පත් ඔක්තෝබර් 31 දිනට පෙර පහත විද්‍යුත් තැපෑලට හෝ සාමාන්‍ය තැපෑල මඟින් යොමු කරන ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා කියා සිටියි.

     

    - කී‍්‍රඩා සංවර්ධන අධ්‍යක්‍ෂ ජනරාල් මගින්,
    සභාපති
    සැහැල්ලු පන්දු කි‍්‍රකට් සම්මේලනය,
    කී‍්‍රඩා අමාත්‍යශය,
    කොළඹ 07

    සභාපති
    සැහැල්ලු පන්දු කි‍්‍රකට් සම්මේලනය
     

    - සභාපති,
    සැහැල්ලු පන්දු කි‍්‍රකට් සම්මේලනය
    නො:15/6
    කැස්බෑව පාර,
    බොරලැස්ගමුව.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya