අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැහැල්ලු පන්දු කි‍්‍රකට් කණ්ඩායමක් පළමු වරට මැලේසියාවට

    ඔක්තෝබර් 07, 2015

    මෙම මස 08 වෙනිදා සිට මැලේසියාවේ පැවැත්වෙන සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරගාවලියකට සහභාගීවීම සඳහා දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික මට්ටමේ කී‍්‍රඩා කණ්ඩායමක් අද දින (07) මැලේසියාව බලා පිටත් විය.

    මෙම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමු වූ අතර එහිදී අමාත්‍යවරයා ඔවුන් වෙත සිය සුභ පැතුම් පිරිනැමීය.

     

    2014 වර්ෂයේ පළමු වරට ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු කි‍්‍රකට් කණ්ඩායමක් ඉන්දියාවේ බැංගලෝර් හි පැවති තරගාවලියකින් ද පළමු ස්ථානය ලබාගන්නා ලදී.

     

    සැහැල්ලු පන්දු කි‍්‍රකට් ක්‍රීඩාව මෙරට තුළ වැඩි දියුණු කරමින් ජාතික මට්ටමින් ජාත්‍යන්තර තරග සඳහා ලාංකීය සැහැල්ලු පන්දු කි‍්‍රකට් කණ්ඩායම් සහභාගි කර රටට ජයග්‍රහණ හිමි කර දීම සිය අභිලාශය බව දෙවන වරටත් නිල වශයෙන් තේරී පත් වූ සැහැල්ලු පන්දු කි‍්‍රකට් සම්මේලනයේ සභාපති චන්ද්‍රපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

     

    දිවයින පුරා කී‍්‍රඩා සංගම් 750ට වැඩි ප‍්‍රමාණයක් නියෝජනය කරනු ලබන සැහැල්ලු පන්දු කි‍්‍රකට් සම්මේලනය 1982 දී ආරම්භ කළ අතර වාර්ෂිකව සැහැල්ලු පන්දු කි‍්‍රකට් තරග පවත්වමින් කී‍්‍රඩා අමාත්‍යංශයේ ලියාපදිංචිය ස්වාධීනව පවත්වාගෙන යයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya