අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අන්තර් විධාන රග්බි තරගාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිරට, කාන්තා ශූරතාවය දකුණට

    අගෝස්තු 31, 2015
    ඊයේ (30) වැලිසර නාවික හමුදා රග්බි පිටියේ දී අවසන් වූ අන්තර් විධාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් පුහුණු විධානය පරාජයට පත්කරමින් නැගෙනහිර නාවික විධානය ˝කුසලාන˝ ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. එහි දෙවන ස්ථානය හිමිකරගත් පුහුණු විධානය ˝කුසලාන˝ ශූරතාවයේ අනුශූරයන් බවට පත්විය. තරගාවලියේ තෙවන ස්ථානය දියත් විධානය හිමිකරගත් අතර, බටහිර නාවික විධානය එහි ˝පලග˝ ශූරතාවයත්, පුහුණු විධානයේ ˝බී˝ කණ්ඩායම බඳුන ශූරතාවයත් දිනා ගත්තේය.
     
    කාන්තා අංශයේ පැවති අවසන් මහා තරගයෙන් දකුණු නාවික විධානය ශූරතාවයත්, නැගෙනහිර නාවික විධානය අනුශූරතාවයත් දිනා ගත් අතර, උතුරු නාවික විධානය එහි තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත්විය.
     
    තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය පුහුණු විධානය නියෝජනය කළ ශිෂ්‍යභට නිලධාරී කේ.ඩබ්ලිව්.එම්.අයි.එස්. රාජපක්ෂ දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය දකුණු නාවික විධානයේ බල ශාරීරික අභ්‍යාසක පී. දිලානි විසින් දිනා ගන්නා ලදී.
     
    තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ජයග්‍රාහකයන් හට කුසලාන ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර, බටහිර විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගි වූ අතර, අසූව දශකයේ නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ද මෙම පිරිසට එක් විය. 
     
    තරගය නැරඹීම සඳහා පැමිණි නාවික හමුදා රග්බි කණ්ඩායමේ පැරණි සාමාජිකයන් හට සිය කෘතවේදීත්වය පළකරමින් නාවික හමුදාපතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානයක් සිදු කෙරුණු අතර, එහිදී ඔවුන් විසින් ද නාවික හමුදාපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි. අනතුරුව නාවික හමුදාපතිතුමන් එම ක්‍රීඩකයන් හා සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya