අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල බෙයිජිං හී

    අගෝස්තු 01, 2015

    2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ වරම බෙයිජිං නගරයට හිමිවෙයි.


    ඒ අනුව ග්‍රීෂ්ම කාලීන සහ ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වූ පළමු  නගරය බවට බෙයිජිං නගරය පත්වනු ඇත.

     

    බෙයිජිං ග්‍රීෂ්ම කාලීන  ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුයේ 2008 වසරේදී ය. බෙයිජිං නගරය සමඟ 2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ අනෙක් නගරය වූයේ  කසකස්ථානයේ ALMATY නගරයයි.

     

    ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒ පිළිබද ඡන්ද විමසීමක් සිදු කළ අතර එහිදී 2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ වරම බෙයිජිං නගරයට හිමිවිය.

     

    එම ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල ඇමරිකා ඩොලර් බිලියනය ඉක්මවයි.

     

    බෙයිජිං නගරයට 2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ වරම ලැබීම පිළිබඳ ව චීන ජනාධිපති සි චිං පින් මහතා සිය සුබ පැතුම් පිරිනැමීය.

     

    2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ වරම බෙයිජිං නගරයට හිමි වූ බව දැන ගැනීමෙන් පසු හෙතෙම ක්වාලාම්පුර් නුවර සිටින චීන නියෝජිත කණ්ඩායමට සුබ පැතුම් පණිවිඩයක් යවා ඇත.

     

    2022 ශිත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ වරම හිමි කර ගැනීම වෙනුවෙන් ‍දිගු කාලීන ව කැප වීමෙන් කටයුතු කළ සියලු දෙනා වෙත තමා ස්තුතිය පුද කරන බව චීන ජනාධිපතිතුමන්ගේ එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. චීන රජය සහ චීන ජනතාවගේ උත්සාහ යටතේ 2022 ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පෙර නොවූ විරූ අන්දමේ සාර්ථක ඔලිම්පික් උළෙලක් බවට පත් වනු ඇතැයි චීන ජනාධිපතිවරයා එම සුබ පැතුම් පණිවිඩයෙන් සිය බලාපොරොත්තු ද පළ කරයි.

     

     

    ECB/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya