මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිල්ෂාන් එක්දින ලකුණු 10,000 පසුකරයි

    ජූලි 27, 2015

    ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් එක්දින ලකුණු 10,000 පසු කරමින් මෙම ලකුණු සීමාව පසු කළ ලොව 11වන ක්‍රීඩකයා සහ ශ්‍රී ලංකාවේ සිව් වන ක්‍රීඩකයා බවට පත් වීමට ඊයේ (26) සමත් විය.

     

    ඒ සංචාරක පාකිස්තානු පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවති පස්වැනි සහ අවසන් තරගයේදී 55 වැනි ලකුණු රැස්කිරීමත් සමඟ ය.

     

    ඩිල්ෂාන් පන්දු 70 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 62 ක් රැස් කිරීමට සමත් විය. 38 හැවිරිදි ඩිල්ෂාන් මේ වන විට එක්දින තරග 318 කදී ශතක 22 ක් සහ අර්ධ ශතක 45 ක් සමගින් ලකුණු 10,007 ක් රැස්කර තිබේ.


    ඩිල්ෂාන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 10,000 ක් සම්පූර්ණ කළ සිවුවැනි ක‍්‍රීඩකයා වේ. කුමාර් සංගක්කාර (13,975), සනත් ජයසූරිය (13,364) සහ මහේල ජයවර්ධන (12,381) එක්දින ලකුණු 10,000 පසු කළ සෙසු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya