අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව විශාලතම මල පිපෙයි

    ජූලි 27, 2015

    ලෝකයේ පැරණිතම සහ විශාලතම විශේෂවලින් එකක් වූ යෝධ මලක් වසර 5කට පසුව ප්‍රථම වරට ටෝකියෝ උද්‍යානයේ දී පිපී ඇතැයි වාර්තා වේ.

     

    මීටර් 2ක් (අඩි 6.5 ක්) උසැති මෙම Titan arum නැමැති දුර්ලභ මල බෝ කිරීම හා ව්‍යාප්තිය ඉතා දුෂ්කරය. මල නැරඹීම සඳහා සංචාරකයන්ට ඉඩ සලසමින් චෝෆු නගරයේ Jindai උද්භිද උද්‍යානයේ අමුත්තන් සියයක් පමණ එකවර ඇතුළු විය හැකි ලෙස ශාලාවක් සකසා දිනක් හෝ දින 2ක් පමණක් පිපී තිබෙන මෙම මල නැරඹීම සඳහා උද්‍යානය විවෘත කරන වේලාවන් ද දීරඝ කර ඇත.

     

    TTitan Arum - සපුෂ්ප ශාඛයේ මලක් කලාතුරකින් පිපෙන අතර (ශාඛයේ හතළිස් වසරක ජීව කාලය තුළ තෙවතාවක් හෝ සිව් වතාවක්) එය ද දින දෙකක් හෝ තුනක් පමණක් පිපී තිබී පරවෙනු ඇත.

     

    මෙම විශේෂය චෝෆු නගරයේ උද්භිද උද්‍යානයේ දී මීට පෙර අවසන් වරට පිපී ඇත්තේ 2010 ජූලි 22 වෙනිදා ය.

     

    එසේම මෙම මල පර වූ විට පරාගනය සිදු කරන කෘමීන් ආකර්ෂණය කරගත හැකි අධික ගන්ධයක් විහිඳුවන අතර එය කුණු වූ මස්වලින් නැඟෙන දුර්ගන්ධය හා සමාන වේ.

     

    මෙම ශාකය මීටර් තුනක් (අඩි 10ක්) පමණ උසට වර්ධනය වන අතර හා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට ආවේණික වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya