අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය හා පකිස්තානය අතර ඩොලර් බිලියන 46ක ආයෝජන ගිවිසුමක්

    අප්‍රේල් 21, 2015

    පාකිස්තානයේ නිල සංචාරයක නිරත චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා පාකිස්තානයේ ඩොලර් බිලියන 46ක දැවැන්ත ආයෝජනයක් සඳහා ගිවිසුමකට අත්සන් තබන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

     

    චීනයේ-පකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) මත දෙරට අතර මාර්ග ජාලයක්, දුම්රිය මාර්ග හා නල පද්ධතියක් ඉදි කිරීම සඳහා මෙම මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ.

     

    කිලෝමීටර 3,000ක් (සැතපුම්1,800ක්) දක්වා දිවෙන මෙම මාර්ගය පාකිස්තානයේ ග්වඩාර් සිට චීනයේ සින්ග්ජිඇන්ග් ප්‍රදේශය දක්වා විහිදෙනු ඇත.

     

    මෙම සංවර්ධන ව්‍යාපෘති මඟින් චීනයට ඉන්දියන් සාගරය වෙත හා ඉන් ඔබ්බටත් සෘජු ප්‍රවේශය ලබාගත හැක. විශේෂයෙන් බීජිං සිට ඇරබියන් මුහුද වෙත සෘජු ප්‍රවේශයක් ලබා ගැනීමෙන් යුරෝපය, මැද පෙරදිග හා අප්‍රිකාව සමඟ වෙළඳාම පුළුල් කිරීම සිය අපේක්ෂාව බවද චීනය ප්‍රකාශ කර ඇත.


    මෙම ආයෝජනයන් සමඟ අමෙරිකාව අභිබවා පාකිස්තානයට ණය සහ ආධාර සපයන අංක එකේ රට බවට චීනය පත් වනු ඇති බව විදෙස් වාර්තා අනාවැකි පළ කරයි.

     

    SDF

    pakistan china roadmap 624map

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya