අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංක‍්‍රමණිකයන් 700ක් රැගත් යාත්‍රාවක් අනතුරට

    අප්‍රේල් 20, 2015

    සංක‍්‍රමණිකයන් 700 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් තවත් යාත්‍රාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ (19) මධ්‍යධරණී මුහුදේ ලිබියානු මුහුදු තීරයේ දී පෙරළී අනතුරට ලක්වී තිබේ.

    මෙතෙක් බේරාගැනීමට හැකිවී ඇත්තේ එහි සිටි 28 දෙනෙකු පමණක් බවත් මළ සිරුරු 24ක් ද සොයාගෙන ඇති බවත් ඉතාලි වෙරළාරක්ෂකයන් පවසා ඇත. ලිබියාවට උතුරෙන් සහ ඉතාලියේ ලම්පෙඩූසා දිවයිනට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයකදී මෙම යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර, යාත්‍රාව ලිබියාවේ සිට පැමිණි බව දැන් තහවුරු වී තිබේ.

     

    මේ වන විටත් ඉතාලි සහ මෝල්ටා නාවික හමුදා යාත්‍රා ජීවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් පුවත් වාර්තා කරයි. යාත්‍රාවේ සමබරතාවය බිදී යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට දැනට සැක කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya