අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට

    මාර්තු 26, 2015

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තරගයෙන් ඕස්ට්‍රේලියාව විශිෂ්ට ජයක් වාර්තා කළේය.

     

    එහිදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු පිල විසින් කඩුළු 7ක් දැවී ලකුණු 328ක් ලබා අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාව පරදා ලකුණු 95ක ජයග්‍රහණයක් ලබා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

     

    ඉන්දියාව පන්දු වාර 46යි පන්දු 5කදී කඩුළු සියල්ලම දැවී ලකුණු 233ක් ලබා ගත්තේය.

     

    පිතිකරුවන්ට යෝග්‍ය තණ තීරුවක් වන සිඩ්නි තණ තීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් ඇති බව ක්‍රීඩා විචාරකයින් අනාවැකි පළ කර ඇත.

     

    ඒ අනුව එළඹෙන 29 වෙනිදා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව සහභාගී වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya