අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රංශයේ දී අනතුරට පත් ගුවන් යානය හේතුවෙන් ස්පාඤ්ඤ අධිරාජයා ප්‍රංශ සංචාරය අවලංගු කරයි

    මාර්තු 25, 2015

    ප්‍රංශයේ ඇල්ෆ්ස් කඳුකරයේ දී ජර්මනියට අයත් ගුවන් යානයක් කඩා වැටී මගීන් 150ක් මරණයට පත්වීම හේතුවෙන් ස්පාඤ්ඤයේ සයවැනි ෆිලිපෙ (Felipe) රජු හා ලෙටිසියා (Letizia) රැජින අද ආරම්භ කිරීමට නියමිතව තිබූ ප්‍රංශ සංචාරය අවලංගු කර ඇත.

     

    ජර්මන් ලුෆ්තාන්සා (Lufthansa) ගුවන් සේවයට අනුබද්ධ ‘ජර්මන් වින්ග්ස්’ ගුවන් සේවයට අයත් යානයක් වන ‘එයාර් බස් A320’ යානය ඊයේ (24) ස්පාඤ්ඤයේ සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබියදී ප්‍රංශයේ ඇල්ෆ්ස් කඳුකර ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත.

     

    ජනාධිපති Francois Hollande මැතිතුමා සමඟ එක්ව, ෆිලිපෙ රජු විසින් ස්පාඤ්ඤයේ අගමැති, මරියානෝ රාජෝයි සමඟ  පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම සංචාරය අවලංගු කර ඇත. එහිදී සංචාරය සඳහා වූ සැලසුම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර ඇති බවට ෆිලිපෙ රජු, එලිසි මාලිගයේ සිට නිවේදනයක් නිකුත් කළ බව ප්‍රෙන්ස ලැටිනා පුවත් ඒජන්සිය (Prensa Latina News Agency ) වාර්තා කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya