අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා හෙට හා අනිද්දා ඉන්දියාවේදී

    මාර්තු 23, 2015
    වසරකට ආසන්න කාලයක් ඇණහිට තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා ලබන හෙට (24) සහ අනිද්දා (25) ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැත්වෙයි. 
     
    ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී ධිවර ගැටලු සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා ඇණහිට තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. සාකච්ඡා යළි ආරම්භ කිරීමටත්, ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත් එහි දී ඔවුන් දෙපොළගේ අවධානය යොමු වූ අතර  සාකච්ඡා යළි මෙලෙස ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. 
     
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණ ද ඉන්දියාවේ ධීවර නියෝජිතයන්ගෙන් නිශ්චිත දිනයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් එම උත්සාහය ව්‍යර්ථ විය. එහෙත් සාකච්ඡා කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා දුන් උපදෙස් අනුව මෙම සාකච්ඡා වටය හෙට හා අනිද්දා දෙදින දී පැවැත්වෙනු ඇත.
     
    මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර සමිති නියෝජිතයෝ 10 දෙනෙක් සහභාගී වෙති. මීට අමතරව සාකච්ඡා නිරීක්ෂකයන් ලෙස ධීවර අමාත්‍යංශය සහ ධීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු 06 දෙනෙකු ද සහභාගී වීමට නියමිතය. අවසන් වරට දෙරටේ නියෝජිතයන් හමු වී සාකච්ඡා කළේ පසුගිය වසරේ මැයි මාසයේ දීය. සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස අද (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya