අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත්කරන්නේ නැහැ

    ජනවාරි 26, 2015

    ඉදිරියේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN),  පවතින රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත් නොකොට, ස්වාධීන මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමට, සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාලනාධිකාරිය සමඟ එක්ව කටයුතු කරන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සිය ධුරයේ වැඩ ආරම්භ කරමිනි.

     

    ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යටතේ පවතින ස්වාධින රූපවාහිනී සේවය, ලක්හඩ ගුවන් විදුලිය, වසන්තම් ටීවී සහ වසන්තම් එෆ්.එම් යන ආයතන 4 න් 3ක්ම මේ වනවිට පාඩු ලබන තත්ත්වයේ පවතින බවත්, ඉදිරියේදී එම ආයතන ත්‍රිත්වය ද ලාභ ලබන තත්ත්වයට ගොඩනැගීමට තමා ක්‍රියාකරන බවත් ධනුෂ්ක රාමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

     

    මෙම අවස්ථාවට අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ගංඟානාත් දිසානායක, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩල නිලධාරීහු සහභාගි වූහ.

     

    SDF

    ITNW

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya