අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආඩිමුණේ දෙමළ මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණය කඩිනම් සංවර්ධනය කිරීමට පියවර

    ජනවාරි 26, 2015
    පුත්තලම, ආඩිමුණේ දෙමළ මහා විද්‍යාලයේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඊට අදාළ අමාත්‍යංශවල සහාය ලබා ගැනීමට කඩිනමින් ක‍්‍රියා කරන බවත් විශේෂයෙන් ම ක‍්‍රීඩාපිටිය සකස් කර ගැනීමේ කාර්යය සඳහා වත්මන් රජයේ දින සියය (100) තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් තරුණ කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වෙමිනි.
     
    විදුහල්පති, කේ. තොණ්ඩමාන් මහතාගේ උපදේශකත්වය හා මෙහෙයවීම මත පැවති මෙම නිවාසාන්තර ක‍්‍රීඩා තරගාවලිය සඳහා විද්‍යාලයීය සිසු සිසුවියන් දහසකට (1000) ආසන්න පිරිස නිවාස 3ක් යටතේ තරගාවලියට සහභාගි විය. 
     
    නිවාසාන්තර ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලියේ ත්‍යාග හා කුසලාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි. 
     
    මෙම අවස්ථාවට පුත්තලම (දකුණ) කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්ලිව්.පී.එස්.කේ. විජේසිංහ, 
     
    නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂක (දෙමළ මාධ්‍ය) සන්කීෆ්, විදුහල්පති කේ. තොණ්ඩමාන්, නියෝජ්‍ය විදුහල්පති, ඒ. අශෝකන් යන මහත්වරුන් ද අවට විද්‍යාලවල විදුහල්පතිවරුන්, අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ නිලධාරීන්, විද්‍යාලයේ ගුරුභවතුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.  
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya