අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනයක් තුළ කිසිඳු රාජ්‍ය ආයතනයක ඳූෂණ, වංචා හා නාස්තිය සිදුනොවිය යුතුයි

    ජනවාරි 26, 2015

    දැන් රට තුළ ක‍්‍රියාත්මක වන්නේ යහපාලනයක් බවත්, යහපාලනයක් තුළ කිසිඳු රාජ්‍ය ආයතනයක ඳූෂණ, වංචා හා නාස්තිය සිදු නොවිය යුතු බවත් තරුණ කටයුතු අමාත්‍ය, නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් සිකුරාදා (23)  තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ කටයුතු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. අමාත්‍යාංශයේ සියලු අංශ වෙත ගිය අමාත්‍යවරයා එක් එක් අංශවල කාර්යභාරය සහ ගැටලු පිළිබඳ වද මෙහිදී අවධානය යොමු කළේය.

     

    ජනතා මුදලින් නඩත්තු වන මෙවැනි ආයතන වල ගැටලු තිබේ නම්, ඒවා කඩිනමින් විසඳාගත යුතු බවත්, මහජන සේවය වඩාත් ඵලදායී ලෙසින් ඉටුකිරීමට එය ඉවහල් වන බවත්, අමාත්‍යවරයා මෙයට සහභාගී වූ පිරිස අමතමින් ප‍්‍රකාශ කළේය.

     

    අමාත්‍යංශය, එයට අයත් ජාතික තරුණ සේවා සභාව හා අනෙකුත් අනුබද්ධිත ආයතනයන්හි කටයුතු පිළිබඳ ව යම් අඩුපාඩුවක් තිබේ නම්, ඒ පිළිබඳ වහාම පරීක්‍ෂණයක් පවත්වා රජයේ වැඩ කරන දින හතක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා, තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම් නිලන්ති සුගතදාස මහත්මියට මෙහිදී ලිඛිතව උපදෙස් ලබා දුන්නේය.

     

    ඊට අමතරව පසුගිය කාලයේ අමාත්‍යංශයේ සහ ඊට අයත් ආයතන වල මූල්‍ය පරිපාලනය පිළිබඳ ව අභ්‍යන්තර විගනණයක් කරන ලෙස ද අමාත්‍යවරයා ලේකම්තුමියට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.  දැනට ඉදිවෙමින් පවතින ආපන ශාලාවේ අමාත්‍යවරයා වෙනුවෙන් වෙනම ස්ථානයක් වෙන් නොකළ යුතු බව ද අමාත්‍යවරයාගේ අදහස විය. ආපන ශාලාව අඩු පිරිවැයකින් ඉහළ ප‍්‍රමිතීන්ට අනුව ඉදිකළ යුතු බවත් අමාත්‍යවරයාගේ අදහස විය.

     

    මෙම අවස්ථාවට තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නිලන්ති සුගතදාස, අතිරේක ලේකම්, ඩබ්. ඒ. ජයවික‍්‍රම, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්, ශ‍්‍රීලාල් ඒ.ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන්, අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

     

    SDF

    youth 1youth 2youth 3

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya