අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සේලයින් නිෂ්පාදනයට චීනයෙන් ආයෝජන

    දෙසැම්බර් 21, 2014

    2015 වසරේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ සේලයින් නිෂ්පාදන ස්ථාපිත කිරීමට චීන සමාගමක් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ආයෝජනයට කිරීමට ඉදිරිපත් ව තිබේ.

    මේ සම්බන්ධයෙන් අනාගත ව්‍යාපාර අවස්ථා අරමුණු කරගෙන චීනයේ චෙන්ග්ඩු සහ සිචුආන් පළාත්, මහනුවර නගරය සමඟ ‘සොයුරි නගර‘ ගිවිසුම් වැඩසටහනට ඒකාබද්ධව ගිවිසුමක් අත්සන් කර ඇත.

     

    ඒ අනුව නගර අතර ජාලයක් නිර්මාණය කිරීමේ අරමුණින් සිචුආන් පළාතේ රජයේ නියෝජිතයින් 6 දෙනෙකු සමඟ චීන ආයෝජක සහ චීන ව්‍යාපාරිකයින් 132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

     

    ශ්‍රී ලංකාව විසින් බෙහෙත් සඳහා ආනයනය කරන ලද සේලයින් ඒකක ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කර ගැනීමට මෙම නව සේලයින් නිෂ්පාදන පහසුකම් සංවර්ධනය කිරීමෙන් අපේක්ෂා කෙරේ.

     

    වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රෝහල්වල සේලයින් භාවිතය සේලයින් ඒකක මිලියන 11ක් වන අතර වර්තමානයේ එම ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් පහසුකම් නොමැත.

     

    2010 වසරේ දී ආනයනික සේලයින් වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5කි.  සෑම වසරකම මෙම ආනයනික පිරිවැය ඉහළ යමින් පවතින අතර දේශීය සේලයින් නිෂ්පාදනය මූල්‍යමය වශයෙන් රටට වාසිදායක වේ.

     

    ජාත්‍යන්තර වෙළඳ සිචුආන් කවුන්සිලය හා ශ්‍රී ලංකා-චීන වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය (SLCPITC) අතර ව්‍යාපාරික සහයෝගීතාව හා අවස්ථාවන් ප්‍රවර්ධනය සඳහා චීන කවුන්සිලය මඟින් ව්‍යාපාරයට ව්‍යාපාර (The business to business -BtoB) අවස්ථාවක් ද සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya