අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු සේවකයන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වේ

    දෙසැම්බර් 20, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වතු සේවකයන් සඳහා නිවාස 50,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහනට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම වේවලි වතුයායේ දෙමහල් නිවාස 100 ඉදිකිරීමේ වැඩකටයුතු ඊයේ (19) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 550ක ඉඩ ප්‍රමාණයකින් යුත් දෙමහල් වතු නිවාස 100ක් ඉදිකරනු ලබන අතර මෙම සෑම නිවාසයක් ම ආලින්දය, කෑම කාමරය, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය හා සියලු ම සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය. 
     
    එසේ ම මෙම නිවාසයන් ආශ්‍රිත ව අනෙකුත් සියලු ම යටිතල පහසුකම් ද මෙම ව්‍යාපෘතියට අන්තර්ගත වේ.
     
    නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතියේ සියලු ම සැලසුම් හා ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
     
    මේ සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය පිළිබඳ අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා ඇතුළු ව ප්‍රදේශයේ සිටින ජනතා නියෝජිතයන් හා මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ ලබන වතු සේවකයෝ විශාල ප්‍රමාණයක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya