අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියංගම්දොර රජමහා විහාරයේ සංඝාවාසය සඟ සතු කෙරේ

    දෙසැම්බර් 20, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවර්ධන දැක්ම යටතේ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද කොත්මලේ නියංගම්දොර පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කර සඟ සතු කරන ලදී.
     
    මෙම උත්සවයේ ආගමික වතාවත් කොත්මලේ පූජ්‍ය මඩකුඹුර ලීලානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද අතර මෙහිදී රටට හා රටේ ජීවත්වන සෑම දෙනාට ම සෙත් පතා ආශීර්වාද පූජාවක් ද පවත්වන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් ඇතුළු ප්‍රදේශයේ සැදැහැවත්හු පිරිසක් ද සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya