අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටගල නව නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

    දෙසැම්බර් 20, 2014
    ඉතා පැරණි නගරයක් වූ කොටගල නගරය නවීන සැලැස්මකට අනුව නවත ම අංගයන් හා නවීන පහසුකම් සහිත ව නව නගරයක් සේ සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් විසින් සැලසුම් සකස් කරන ලද අතර එකී ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කිරීම ඊයේ (19) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.
     

    තේ මධ්‍යස්ථානයක්, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක්, සාප්පු සංකීර්ණයක්, කුඩා සිනමා ශාලාවක් හා නවීන පහසුකම්වලින් සමන්විත කඩ සාප්පු ඇතුළත් ව නිර්මාණය කරනු ලබන මෙම නව නගරයේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 1000කි.

     

    උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ආරක්ෂක ලේකම්වරයා විසින් නගර මධ්‍යයේ තනා තිබූ එලකයක් නිරාවරණය කිරීම මගින් මෙම නව නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර අනතුරු ව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමඟ සුහද සාකච්ඡාවක ද නිරත විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya