අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට නුවරඑළිය මැතිවරණ කටයුතු සූදානම්

    දෙසැම්බර් 19, 2014

    එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී

    මෙවර ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට 534,150ක ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇත. ඒ අතුරින් 13,615 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර පසුගිය 15 වන දින තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ දී සිදු විය.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ කලාප 04ක් පවතින අතර ඡන්ද මධ්‍යස්ථාන 423ක දී ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිත ය. එමෙන් ම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 10ක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන අතර ඡන්ද විමසීමේ කටයුතු සඳහා 5,100කට ආසන්න කාර්යය මණ්ඩලයක් යෙදවීමට අපේක්ෂිතය. මේ සමඟ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා 1,600ක ප්‍රමාණයෙන් යුත් නිලධාරීන් පිරිසක් ද යෙදවීමට අපේක්ෂිතය.

     

    මේ වන විට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සාමකාමීව ක්‍රියාත්මක වන අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ලෙස ක්‍රියා කරයි.

    MAP/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya