අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරුළපන දාබරේ මාවත මළ අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කෙරේ

    නොවැම්බර් 28, 2014
    දීර්ඝ කාලයක් පුරා ගැටලුවක් ද පැවති කිරුළපන දාබරේ මාවත මහල් නිවාස සංකීර්ණයේ මළ අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම පසුගිය දා සිදු නැඟෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    මෙම නිවාස සංකීර්ණය තුළ නිවාස 265ක් පමණ ඇති අතර ඇතැම් නිවාස තුළ පවුල් 02ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජීවත් වන නිවාස ද ඇත. අදාළ මළ අපවහන පද්ධතිය වසර 35ක් 40ක් පැරණි අතර එය දීර්ඝ කාලයක් පුරා විධිමත් ව ක්‍රියාත්මක නොවිණි.
     
    එමගින් මහල් නිවාස සංකීර්ණයේ ජනතාවට සෞඛ්‍ය ගැටලු රාශියකට පසුගිය කාලය තුළ මුහුණ පාන්නට ද සිදු විය.
     
    අවස්ථාවන් කිහිපයක දී කොළඹ මහ නගර සභාව මගින් ඉල්ලීම් සිදු කළ ද ඊට විසඳුමක් නොලද අතර නාගරික මන්ත්‍රී එම්.ඒ. දේවිකා මහත්මියගේ මැදිහත්වීම මත පක්ෂ‍ ආගම් භේදයකින් තොර ව ජනතාවට ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් මළ අපවහන පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කර සක්‍රීය කිරීම සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya