මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදුරුප්පු වීදිය මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    නොවැම්බර් 28, 2014
    රුපියල් ලක්ෂ 230ක වියදමින් පූර්ණ ප්‍රතිංස්කරණයට ලක් කළ කොළඹ 13, ආදුරුප්පු වීදිය මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදු කෙරුණි.
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජන සෙවණ - නගමු පුරවර" පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ප්‍රතිසංස්කරණය කළ 33 වෙනි මහල් නිවාස සංකීර්ණය වන්නේ ආදුරුප්පු වීදිය මහල් නිවාස සංකීර්ණයයි.
     
    1956 වර්ෂයේ දී ආරම්භ කර ඇති මෙම මහල් නිවාස ව්‍යාපෘතිය ගොඩනැගිලි 5කින් යුක්ත වේ. නිවාස 93කින්, කඩ කාමර 11කින් සහ කාර්යාල 4කින් ආදුරුප්පු වීදිය නිවාස ක්‍රමය සමන්විතය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.
     
    ගොඩනැගිලිවල වහල පිළිසකර කිරීම, මහල් නිවාස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සහ බිත්ති වර්ණාලේප කිරීම, මළ නාළිකා පද්ධති හා මනු වලවල් ප්‍රතිසංස්කරණය, අප ජල බැස යන කුඩා මනු වලවල් ප්‍රතිසංස්කරණය, ජල බස්නා කාණු පද්ධති පිළිසකර කිරීම, අභ්‍යන්තර මාර්ග පිළිසකර කිරීම, පොදු ජල ටැංකි අලුත්වැඩියා කිරීම, නිවාස ඒකකවල පිටත හා ඇතුළත ජල කාන්දුවීම් පිළිසකර කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මෙහි සිදුකර තිබේ.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබද ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන්, නිලධාරීන්, නිවාසවාසීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya