අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවන මහින්ද රාජපක්ෂ ආදර්ශ පාසලට මුල්ගල තැබීම අද

    නොවැම්බර් 28, 2014

    සෑම පළාතක් සඳහා ම මහින්ද රාජපක්ෂ ආදර්ශ ජාතික පාසල බැගින් ආරම්භ කිරීමේ වැසටහන යටතේ තෙවන පාසල සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිතය.


    ඒ සඳහා මුල්ගල් තැබීමේ මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (28) රත්නපුර නව නගරයේ වෙරළුප හන්දිය අසලදී පැවැත්වේ.

    මෙහි සම්පූර්ණ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 600ක් වැය කෙරේ.

    මහින්ද රාජපක්ෂ ආදර්ශ පළමු ජාතික පාසල 2011 වසරේ දී බස්නාහිර පළාතේ හෝමාගම පිටිපන ආරම්භ කර තිබෙන අතර දෙවැනි පාසල 2013 දී දකුණු පළාතේ මාතර සරසවි උයනේ ආරම්භ කර ඇත.

    විධිමත් කාලසටහනකට අනුව පස්වරු පන්ති පැවැත්වීම, විවිධ භාෂා ඉගෙනීමට පහසුකම්, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ඉහළ ශිෂ්‍ය සහභාගිත්වයක්, විවිධ ආගම්වලට ගරු කරන පරිසරයක්, ආකර්ෂණීය භෞතික පරිසරයක්, කැපවීමෙන් සේවය කරන ගුරු මණ්ඩලයක් යන විශේෂිත වූ ලක්ෂණයන්ගෙන් මෙම පාසල් සමන්විත වේ.

    නාගරික ජනප්‍රිය පාසල්වලට අභියෝගයක් මෙන් ම දරුවන්ගේ හා දෙමාපියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට මෙම පාසල්වලින් හඳුන්වා දුන් නව සංස්කෘතිය සමත් වනු ඇත.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya