අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා ව්‍යාපාර ආරම්භයට මහ බැංකුවෙන් ණය

    නොවැම්බර් 21, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර උත්පාදන මූලාරම්භ ණය යෝජනා ක්‍රමය පිළිබඳ ව බදුල්ල, මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි කුඩා ව්‍යාපාරිකයන් හා වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයීය  ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.කේ. අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ දී කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රය හා මූල්‍ය කටයුතු සම්බන්ධව දැනුවත් කිරීම මෙන්ම සෙපි ණය ක්‍රමය සම්බන්ධයෙන් ව්‍යවසායකයන්ට මෙන් ම බැංකු කේෂ්ත්‍රයට ද ඇති ගැටලු පිළිබඳව ඳ සාකච්ඡා කෙරිණි.

     

    වෘත්තීය පුහුණු අධිකාරියේ බණ්ඩාරවෙල කාර්යාලය මගින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය, කාර්මික විද්‍යාල, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ ජාතික තරුණ සේවා සභාව යන ආයතනවල බදුල්ල, මොනරාගල හා නුවරඑළිය දිසත්‍රික් ප්‍රධානීන් එම ආයතනවලින් විවිධ වෘත්තීය පුහුණු ලබා ස්වයං රැකියා හා කුඩා ව්‍යාපාර කේෂ්ත්‍රයට පිවිසි තරුණ තරුණියන් විශාල පිරිසක් බැංකු හා මූල්‍ය ආයතන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ද, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෘත්තීය පුහුණු) ඩබ්.ආර්.ඒ.එන්.එස්. විජයසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද සහභාගී වූහ.

     

    DB/SH - dmu badulla


     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya