අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය මෝය කටවල් හි පිරෙන වැලි ඉවත් කිරීමෙන් ධීවරයන්ගේ ගැටලු විසඳෙනවා

    ඔක්තෝබර් 31, 2014

    සයුරු කැණීම් යාත‍්‍රාව මඟින් වරාය මෝය කටවල් හි පිරෙන වැලි ඉවත් කිරීමෙන් ධීවරයන්ගේ ජීවිත සුරක්ෂිත වනවා වගේ ම යාත‍්‍රා ද ආරක්ෂා වෙන බවත් කරදරයකින් තොර ව යාත‍්‍රා වරාය තුළ ආරක්ෂිත ව නැවැත්විය හැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා දික්ඕවිට ධීවර වරායේ පැවති සයුරු කැණීම් යාත‍්‍රාව ජපාන රජය විසින් ශ‍්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීමේ උත්සවයේදීය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට මේ යන්ත්‍රය ලබා දුන්නේය. ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා විසින් මේ යන්ත්‍රය අමාත්‍ය රාජිත මහතා වෙත ප්‍රදානය කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "ජපානයේ ජයිකා ආයතනය හරහා ලබා දෙන මේ යන්ත්‍රය රුපියල් මිලියන 900කට වඩා වටින ඩෙ‍්‍රජර් යන්ත‍්‍රයක්. මෙය අපිට හුඟක්ම වැදගත්. වරායවල් 9ක ම වැලි පිරෙනවා. අපිට තියෙන්නේ ඩෙ‍්‍රජර් යන්ත‍්‍ර දෙකයි. අපිට තියෙන රුහුණු පුතා ඩෙ‍්‍රජර් යන්ත‍්‍රයෙන් වරාය කටේ වැලි හාරන්න බැහැ. මෙම සයුරු කැණීම් යාත‍්‍රාව අති නවීන නිෂ්පාදනයක්.

    මෙම සයුරු කැණිම් යාත‍්‍රාව, බහුකාර්ය යාත‍්‍රාවක් වන අතර එය මීටර් 49.9ක දිගකින් යුක්ත වේ. එහි ගැඹුර මීටර් 11.5කි. එහි බර ටොන් 624කි. එහි ද්විත්ව එන්ජිමේ ධාරිතාව කිලෝ වොට් 625කි. මෙම කැණීම් යාත‍්‍රාව මඟින් රට වටා පවතින ධීවර වරායන්හි කැණීම් කටයුතු ඉටුකිරීමටත්, එක්රැස්වන වැලි ඉවත් කිරීමටත් පහසුවක් වන අතර සාගර පර්යේෂණ ක්‍ෂේත‍්‍රයට ද මෙය ඉතා වැදගත් වේ. ජපාන රජය මීට පෙරද 1988/1989 වකවානුව තුළ රුහුණු පුතා කැණීම් යාත‍්‍රාව මෙරටට ලබා දී තිබේ.   

    ධීවර වරායන්හි මෝය කටවල් වැලිවලින් පිරීයාම නිසා ධීවරයින් දැඩි අපහසුතාවට ලක්වේ. ඔවුන්ගේ යාත‍්‍රා වරායට ඇතුළු කරන අවස්ථාවලදී වැල්ලේ හැපී පෙරළි විනාශ වන අතර ධීවරයින්ගේ ජීවිතවලට ද හානි සිදු වී තිබේ. පසුගිය කාලයේ හම්බන්තොට, සුදුවැල්ල, නිල්වැල්ල හා පානදුර ඇතුළු වරායන් ආශ‍්‍රිත ව අනතුරට පත්වූ ධීවර යාත‍්‍රාවන් හි සිටි ධීවරයින් මරණයට ද පත්විය. මෙම තත්ත්වයට ඇති එක ම විසඳුම ධීවර වරායන්හි මෝය කටේ පිරෙන වැලි නිතිපතා ඉවත් කරලීමයි. ඒ සඳහා සයුරු කැනීම් යාත‍්‍රාව ඉතා වැදගත් වේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya