මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කළ යුතුයි

    ඔක්තෝබර් 22, 2014
    ඉදිරියේ දී අභියෝගාත්මක මැතිවරණයක් පැමිණෙන බවත් ජනාධිපතිවරණය පිළිබඳ විවිධ මතවාද රට තුළ ව්‍යාප්ත පවතින අතර ම ඒවාට ජාත්‍යන්තරයෙනුත් අවශ්‍ය පසුබිම සකස් කොට දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත වරක් බලයට ඇවිත් මේ රටේ ජනතාවට සිදුකරන්න හදන සේවය ගැන දරාගැනීමට නොහැකි ව බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසීය.
     
    මේ සියල්ල රට තුළ ක්‍රියාත්මක වන විරුද්ධවාදි බලවේගවල සැලසුම් සහගත වැඩපිළිවෙළවල් බවත් මේ හරහා ඉදිරි ජනාධිපතිවරණයට බලපෑමක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා  නිදහස් සන්ධාන ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් පසු පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පැවති උත්සවයේදීය.
     
    "2005 මැතිවරණයට ජනාධිපතිතුමා ඉදිරිපත් වුණ වෙලාවෙත් අපේ ම පක්ෂයේ අය අපේ කකුලෙන් ඇද්දා. ඒ විතරක් නෙවෙයි, බාහිරවත් අපට බලවේග ආවා. මේ සියලු අභියෝග ජය‍ග්‍රහණය කළ යුතුයි කියන අධිෂ්ඨානයෙන් අපි ක්‍රියා කළ නිසා අපේ ප්‍රතිවාදීන්ට හොඳ පිළිතුරක් දෙන්න අපට පුළුවන් වුණා. තිස් වසරක් කුරිරු යුද්ධයෙන් බැටකාපු ජන ජීවිතයට අස්වැසිල්ලක් ලබාදුන්නා. එතෙක් රට තුළ නොකෙරුණ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතින් ආරම්භ කරමින් ජනතාව අතරට ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2010 මැතිවරණය අභියෝගයක් වුණේ නැහැ. ඒ නිසා යූ.ඇන්.පී. එකට ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. 
     
    මැතිවරණයේදී ජාතික මෙන් ම ජාත්‍යන්තරවත් විවිධ කුමන්ත්‍රණ ඇති කොට මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන එක වළක්වන්න අද හැම දේම කරනවා. ඒ විතරක් නෙවෙයි, මොන ම විදිහකින් හරි එතුමන් ව පරාජය කරන්න ඕන කියන පිරිස් මේ ආණ්ඩුව ඇතුළෙ ම ඉන්නවා.
     
    යුරෝපා අධිකරණයට LTTEය කොයිතරම් දුරට ත්‍රස්තවාදි සංවිධානයක්ද කියලා ඔප්පු කරන්න බැරි ව පසුගියදා ඔවුන් LTTEට තිබුණ තහනම ඉවත් කළා. මැතිවරණයක් ප්‍රකාශ කරන්න ආසන්නයේ දී යුරෝපා අධිකරණය මේ වගේ ත්‍රස්තවාදි කණ්ඩායමක් නිදහස් කිරිම මේ රටේ ජනාධිපතිවරණයට එක්තරා විදිහක බලපෑමක්. LTTE සංවිධානයට යුරෝපා රටවල්වලින් මේ නිසා අරමුදල් රැස්කරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීම වළක්වන්න විවිධ උපායන් දියත් කරන්න පුළුවන්. මේවා මේ රටේ ම ඇතැම් විරුද්ධවාදි බලවේගවල කුමන්ත්‍රණ. මේවායේ යථාර්ථය අපි තේරුම් ගත යුතුයි.
     
    ආණ්ඩුවක් ලෙස මේ රටේ ජනතාවට තෝරා බේරා වරප්‍රසාද, තනතුරු ලබා නොදෙන බවත් කුමන පාක්ෂිකයෙක් වුවත් පාට පක්ෂ භේද නොමැති ව යුතුකම් ඉටුකරන රජයක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 
     
    මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, අමාත්‍යවරුන් වන ජගත් බාලසූරිය, රංජිත් සියඹලාපිටිය, එස්.එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලලිත් දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya