අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආ‍යුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහ සභා රැස්වීම ඇමති බැසිල් ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 22, 2014
    රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 15 වන මහ සභා රැස්වීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින කොළඹ කිංස්බරි හෝටලයේ දි පැවැත්විණි. 
     
    1993 වසරේ දී ආරම්භ කළ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහා සභාව සඳහා ආයුර්වේද වෛද්‍යවරු 2000ක පමණ සාමාජික ප්‍රමාණයක් එක් ව සිටියහ. 
     
    මෙම උත්සවයට සමගාමීව ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පුද්ගලයන් කිහිප දෙනකු සම්මානයට පාත්‍ර කිරීමක් ද සිදුවිය. 
     
    මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, ජල සම්පත් හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක, කාන්තා කටයුතු සහ ප්‍රවාහන අමාත්‍ය එච්.බී. සේමසිංහ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya