අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරකට නිවාස ලක්ෂ 4ක්

    ඔක්තෝබර් 22, 2014
    ඉබිගමනේ යන නිවාසකරණ වැඩපිළිවෙළකට ප්‍රතිපත්ති සහ සැලසුම් අවශ්‍ය නොවන බවත් වත්මන් නිවාසකරණ වැඩපිළිවෙළ විශාල පිබිදීමකින් ඉදිරියට යන විට එහි අඩුපාඩු නිවැරදි කර වඩාත් ජනතාවාදී ගුණාත්මක වැඩපිළිවෙළක් බවට පත්කිරීමට, ප්‍රතිපත්ති රාමු හා ක්‍රියාකාරී සැලසුම් අත්‍යවශ්‍යය බව  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා  පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.  
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික නිවාස ප්‍රතිපත්ති ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් පසුගියදා රාජගිරිය, ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.
     
    ජාතික නිවාස ප්‍රතිපත්තියක් හදන්න පීටර් කෙනමන් අමාත්‍යවරයාගේ කාලයේ සැලකිය යුතු උත්සාහයක් සිදුකර තිබුණා. එම උත්සාහය විධිමත් ව ඉදිරියට ගෙනියලා තිබුණෙ නැහැ. ඊට පෙර එක් අවස්ථාවක ජාතික නිවාස ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර තිබුණා. රුපියල් මිලියන ගණනක් ඒ සඳහා වියදම් කරලා තිබුණා. නමුත් ඒ නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වීමට තරම් සුදුසු තත්ත්වයක තිබුණේ නැහැ. 
     
    ඒ අනුව අපි අමාත්‍යාංශයේ නිලධාරීන්  හා බාහිර සම්පත් දායකයන් එකතුකරගෙන මිල මුදලට මේ කටයුත්ත සිදුකරනවා වෙනුවට එම විෂය පිළිබඳව ආදරය  හා  රැඳුණු හැඟීම විසින්  පොළඹවන ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුය කියන  ස්ථාවරයකට ආවා. ඒ අනුව  ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා සාකච්ඡා වට 100කට වඩා පැවැත්වුණා. කිසි ම මුදලක් වැය වුණේ නැහැ. අමාත්‍යාංශ 25කට වඩා මෙම කටයුත්තට සම්බන්ධ වුණා. පොදු ජනතාවගේ අදහස් මේ සඳහා ඇතුළත් කරනු ලැබුවා. පසුගිය ජනාවාස දිනයේදී එම නිවාස ප්‍රතිපත්තිය අංග සම්පූර්ණව  අනුමත කරලා අතිගරු ජනාධිපතිතුමාගේ  ප්‍රධානත්වයෙන් පැවති ජනාවාස දින ජාතික උත්සවයේදී එළිදැක්වුවා. 
     
    ප්‍රතිපත්තිය සකස් කොට ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට තව වසර ගණනාවක් වැය නොකර ප්‍රතිපත්තිය සකස්කර දින 14ක් ඇතුළත ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමට  හැකි වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා  ඒ වෙනුවෙන් දායකවුණු අමාත්‍යාංශ නිලධාරී මහත්ම මහත්මීන්ට ප්‍රසංශාව පළ කරන බවත් ප්‍රකාශ කර සිටියේය.
     
    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2012 ජන සංගණන වාර්තාවේ පැහැදිලි ව කියනවා 2011 දක්වා වූ සෑම වසරක ම සාමාන්‍යයෙන් වර්ෂයකට නිවාස අලුතින් ඉදිවී තිබෙන්නේ රජයේ හෝ පෞද්ගලික දේපළ සංවර්ධන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ආදී කවර ආකාරයකින් වුවත් නිවාස උපරිම  100,000 කට  ආසන්න ප්‍රමාණයක් බව. එම දත්ත අනුව 2011 වසරේ දී තීරණාත්මක ප්‍රවණතාවයක් ඇතිවෙලා කියලා කියනවා. අවුරුද්දකට උපරිම ලක්ෂයක පමණ නිවාස ප්‍රමාණයක් ඉදිවෙලා තිබෙන මේ රටේ 2011 වසරේ දී එම ප්‍රවණතාවය ලක්ෂ 4 කට ආසන්න නිවාස තොගයක් ඉදිවෙන  රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.
     
    දකුණු ආසියාතික කලාපයේ නිවාසකරණ අභියෝගය  අඩු ම බරක් තිබෙන රටක් හැටියට අද අපි ඉන්නේ එක්තරා සැලකිය යුතු ප්‍රශස්ත ස්ථානයක සිටින ශ්‍රී ලංකාවේ පැල්පත් නිවාස තිබෙන්නේ 123,000ක් තරම් සුළු ප්‍රමාණයක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එයින් පවුල් 60,000ක පිරිසක් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ මෙහෙයවීම මත විධිමත් මහල් නිවාස පද්ධතියකට 2016 වසර අවසන්වීමට පෙර රැගෙන යාමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය. 
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් කේ.ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතනයේ සභාපති අනුර දිසානායක, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශමාන්‍ය සුනිල්  ලියනාරච්චි, ජන සෙවණ නිවාස ලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය මහත්ම මහත්මීහු, විදුවත්හු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල  පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya