අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණාල දැඩිගමුව ශ්‍රී විජිතවංශාරාමයේ කොත නිරාවරණය කිරීම හෙට

    ඔක්තෝබර් 22, 2014
    කඩුවෙල රණාල දැඩිගමුව ශ්‍රී විජිතවංශාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජායාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජ්‍ය නවගමුවේ රේවත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක පූජ්‍යපාද පුවක්වැටියේ ශ්‍රී සුගුණවංශාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සුරතින් හෙට (23) පෙරවරු 5.55ට එම විහාරස්ථානයේ විවෘත කෙරේ.
     
    වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය මෙවරත් දැඩිගම ශ්‍රී විජිතවංශාරාමය, කිරිවන්දල ශ්‍රී විද්‍යා සංවර්ධන පිරිවෙන් විහාරස්ථානය යන උභය විහාරාධිපති, පිරිවේණාධිපති ශාස්ත්‍රෙව්දී ගෞරව පූජ්‍ය පුවක්පිටියේ සිරි ගුණාදස්ස හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි පූජ්‍ය උඩවෙල රතන සාගර හිමියන්ගේ මෙහෙයවීමෙන් අද (22) සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වේ. හෙට 50 නමකට අධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු දහවල් දානමය මහා පින්කම් ද එදින සවස 6.00ට බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාවෙන් අනතුරුව රාත්‍රි 7.00ට කඨීනානිශංස ධර්ම දේශනාවක් පූජ්‍ය කටහනේ ආරියධම්ම හිමිපාණන් වහන්සේ විසින් සිදු කෙරේ.
     
    චෛත්‍ය රාජයාණන් ඉදිකිරීම ලක්ෂ්මන් නිරිඇල්ල මහතාගේ මූලික ධන පරිත්‍යාගයෙන් සිදු කෙරුණු අතර කඨින පිංකමේ දායකත්වය ජොස්ලින් උපාසිකා මාතාව ඇතුළු පවුලේ සැම විසිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya