අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය සමගිය පිරි රට නැවත ආගාධයට ගෙන යාමට ඇතැමුන් ක්‍රියා කරනවා

    ඔක්තෝබර් 22, 2014
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටට උදාකර දුන් සාමය, සෞභාග්‍යය විනාශ කිරීමට ඇතැම් බටහිර බලවේග ප්‍රමුඛ පිරිස් කටයුතු කරමින් සිටින බවත්, එම බලවේගවලට අසු නො වී ලබාගත් නිදහස සුරකිමින් රට ඉදිරියට ගෙනයාම සඳහා සෑම දෙනාම පියවර ගත යුතු බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා සඳහන් ‍කළේ රට අගාදයට ඇද දැමු LTTE ත්‍රස්තවාදී සංවිධානයට පනවා තිබු යම් යම් බාධක ලිහිල් කරමින් ඇතැම් බටහිර බලවේග ක්‍රියා කරන්නේ ද රට නැවත අගාධයට දැමීම සඳහා බවයි. 
     
    මීරිගම තලගම මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පසුගිය දා අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය. 
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සහ ලිය අභිමන් සංවිධානයේ සහයෝගය මත මෙම මාතෘ හා ළමා සායනය ඉදිකිරීම සිදු කළ අතර එම නිසා ප්‍රදේශයේ විශාල ජනතාවකට සෙත සැලසී තිබේ. 
     
    මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අතිගරු ජනාධිපතිතුමන් බෑ කියු සියලු දෑ සිදුකර පෙන් වු බවත්, ඒ අනුව පරාජය කිරීමට බෑ කී, ත්‍රස්තවාදය පරාජය කර රටට සංවර්ධනය උදාකිරීම සිදු කළ බවත්,  එම වැඩපිළිවෙළ නිසා ගමේ අඩු පහසුකම් මධ්‍යයේ තිබු මාතෘ සායන අති නවීන අයුරින් සංවර්ධනය කිරීමට හැකිවු බවත් පැවසීය.  
     
    ඇතැම් පිරිස් රට තුළ වෙනසක් ඇති කිරීමට කතා කළ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇති කළ වෙනස සමග ජනතාවට මරබිය නෙමැතිව ජීවත් විය හැකි වටපිටාවක් ගොඩනැගි ඇති අතර රට වේගයෙන් ඉදිරියට යන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම සංවර්ධනය ඉදිරි පරම්පරාවටද උරුම කිරීම සඳහා අවබෝධයෙන් යුතු ව කටයුතු කළ යුතු බව පැවසීය. 
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කෝකිලා හර්ෂනි, මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්දසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya