අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හෙළ විරු රස උදානය - 2014" අද සිට 22 දක්වා නුවරඑළියේදී

    අප්‍රේල් 15, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ පළාත්වල සිටින වෘත්තීය සූපවේදීන් සහභාගි කරවාගෙන මෙරටට අනන්‍ය වූ ආහාර වේලක රස බැලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද "හෙළ විරු රස උදානය - 2014" වැඩසටහන අද (15) සිට ලබන 22 වන දින දක්වා නුවරඑළිය නාගරික සංවර්ධන කාර්යාලය ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපගේම අනන්‍යතාවට අනුව ශ්‍රී ලාංකිය ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙළ යටතේ හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුද හමුදා සාමාජිකයන් තුළ වූ විවිධ සැඟවුණ කුසලතාව එළිදැක්විමේ වැඩපිළිවෙළ යටතේ මෙය පැවැත්වේ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.


    දිවයිනේ විවිධ ප්‍රදේශවලට ආවේණික වූ සාම්ප්‍රදායික ආහාර වර්ග පිළිබඳව වත්මන් සමාජය දැනුවත් කිරීම හා එකි ආහාර වර්ග වත්මන් සමාජයට හඳුන්වාදීමේ අදහස පෙරදැරිකරගෙන සෑම පළාත්වලටම ගොස් කරන ලද පූර්ව ගවේශණයකින් පසුව ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ආහාරපානවල රස හා ගුණාත්මකභාවය රැකෙන අයුරින් යුද හමුදාවේ විවිධ රෙජිමේන්තුවල සිටින දක්ෂ සූපවේදීන් සහභාගී කරවාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    හෙළ විරු රස උදානය - 2014 තුළින් බූන්දි, අලුවා, පට්ට අලුවා, පට්ට දොදොල්, කුරහන් තලප සහ ආනම, කිරළ බීම ඇතුළු තවත් දේශීය එළවළු සහ රසකැවිලි සැකසෙන අතර නව පරපුරට නුවරඑළියේ පවත්වනු ලබන වසන්ත උදාන සැණකෙළි කාලයේදී මේවා රසවිඳිය හැකිය. තත්ත්වයෙන් හා පෝෂණයෙන් අනුන විවිධත්වයෙන් යුත් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික දේශීය ආහාර වැළලී යාමට නොදී නැවත ඉස්මතු කිරීමටත් ඒ සඳහා නව වෙළෙඳපොළක් නිර්මාණය කර දීමටත් මෙමඟින් හැකිවේ.


    එසේම යුද හමුදාවෙන් ක්‍රියාත්මක කරනු ලබන ලායා හෝටල් ජාලයෙන් මෙම අවස්ථාව සඳහා චීන හා මැදපෙරදිග ආහාර වර්ගද සැකසීමට සූපවේදීන් සූදානම්ව සිටිති.

     

    මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවල මහතාගේ ආරාධනයෙන් අද යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශණය විවෘත කෙරේ.

     

    මින් ලැබෙන ආදායම ආබාධිත සෙබළුන් ඇතුළු සියලුම යුධ හමුදා සෙබළුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් යෙදවීමට අදහස් කර ඇත.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya