මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට හමුදාවෙන් කරදරයක් නෑ - හමුදාව ඉන්නේ අපේ ආරක්ෂාවටයි

    අප්‍රේල් 15, 2014

    ආරක්ෂක හමුදාවන් නිසා උතුරේ ජනතාවට කිසිම කරදරයක් නැති බවත් අපට නිරන්තරයෙන් ම හමුදාව උදව් කරන බවත් පුදුකුඩිඉරිප්පු සිවිල් ආරක්ෂක කමිටු සභාපති අයියාත්තුරෙයි මාතවරාජා මහතා පවසයි.

     

    රාජ්‍ය නොවන සංවිධාන හා දෙමළ සංධානය විවිධ බොරු කතා පිටරටවල පවා ප්‍රචාරය කළත් මුලතිව් ජනතාව යුද හමුදාව සමඟ ජීවත්වන්නේ ඉතා ම සතුටින් හා සහයෝගයෙන් බව ද මාතවරාජා මහතා කීය.


    පසුගිය දා මුලිතිව් කේප්පාපුලව්හි පැවති යුද හමුදාව ඉදිකළ නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක දී රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් මාධව රාජා මහතා; “යුද හමුදාව ත්‍රස්තවාදයෙන් විනාශ වූ අපේ නිවාස දැන් හදා දෙනවා. මිනිස්සු කැමතියි හමුදාව ඉන්නවට. ටීඑන්ඒ එකේ බලපෑමට පුදුකුඩිඉරිප්පු දේව්පුරම් හමුදා මුරපොළ පසුගිය දා ඉවත් කළා. ඊට දවස් දෙකකට පස්සේ එතන තිබුණු කඩය හොරු මංකොල්ල කෑවා. යුද හමුදාව ඉන්නේ අපේ ආරක්ෂාවටයි.”


    “රජය ජනතාවට ඉඩම් දෙනවා. ධීවරයින්ට කර්මාන්තය කිරීමට සහයෝගය දී තිබෙනවා. අපට විදුලිය, ජලය සපයා දී තිබෙනවා. අපේ දරුවන්ට පාසල් තිබෙනවා. ගුරුවරුන් ඉන්නවා. අපට සිංහල අයගෙන් කිසිම කරදරයක් නැතැ”යි ද මාතවරාජා මහතා පැවසීය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya