අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් නුවරඑළියට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

    සැප්තැම්බර් 16, 2014

    ළමා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනා කර ඇත.


    ඒ සඳහා රුපියල් මිලියන 8.3ක මුදලක් අයෝජනය කිරීමට නියමිතය. 2014 අය-වැය යෝජනා අනුව ළමා අපයෝජන සහ කාන්තා හිංසනය පිටුදැකීමේ අරමුණෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් රුපියල් මිලියන 700ක මුදලක් වෙන්කොට තිබේ. ඊට සමගාමී ව සිදු වන විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම දිවාසුරැකුම් මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකිය. 



    නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අදාළ භූමි ප්‍රදේශය ලබා දීමට එකඟතාව පළ කර ඇත. නුවරඑළිය නගරයේ දිවිගෙවන කුඩා දූ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ඉදිවන මෙම රැකවරණ මධ්‍යස්ථානයේ පළමු අදියර 2014 වර්ෂය අවසානයට පෙර නිමකිරීමට යෝජිතය.

    මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ භූමි ප්‍රදේශය හඳුනාගෙන ඇති අතර ඒ සඳහා සැලසුම් සකස් වෙමින් පවතී. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ අධීක්ෂණය මත සිදු වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දීර්ඝ කාලයක සිට නුවරඑළිය නගරයට අත්‍යවශ්‍යව පැවතිණි. මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය මධ්‍යම පළාතේ ඉදිවන ප්‍රධානතම දිවා සුරැකුම් මධ්‍යස්ථානයයි. මෙවැනි දිවා සුරැකුම් මධ්‍යස්ථාන 05ක් දිවයින පුරා ආරම්භ කිරීමට යෝජිතය. එමෙන් ම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් අලුතින් ඉදිවන කොත්මලේ පොලිස් ස්ථානයට නව ළමා හා කාන්තා කාර්යංශයක් ඉදිකිරීම සඳහා ද ප්‍රතිපාදන වෙන් වී තිබේ.


    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya