අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියේ ඇසේ සුද ඉවත් කිරීමේ වැඩසටහන සාර්ථකයි - ඊළඟට මන්නාරමට

    සැප්තැම්බර් 15, 2014

    කිලිනොච්චිය රෝහලේ පැවති ඇසේ සුද වැසීමේ රෝගයට ලක් වූ රෝගීන් 100කගේ ඇසේ සුද ඉවත් කිරීමේ වැඩසටහන සාර්ථක බවත් ඔක්තෝබර් මාසයේ මන්නාරම රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 200ක් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. 


    කුරිරු යුද්ධයෙන් නොයෙකුත් හිංසනයන්ට හා පීඩාවන්ට පත් උතුරු නැගෙනහිර ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබේ. ඒ අනුව උතුරු නැගෙනහිර ජනතාවගේ අක්ෂි පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කර ඇත. ඒ යටතේ කිලිනොච්චිය රෝහලේ වෛද්‍ය අධිකාරියේ මූලිකත්වයෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ඇසේ සුද වැසීමේ රෝග තත්ත්වයට පත් රෝගීන් 100කගේ ඇසේ සුද ඉවත් කර කාච පැළඳවීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (14) කිලිනොච්චිය රෝහලේ දී පැවැත්විණි. ඒ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

    ලෝක ජනගහනයෙන් මිලියන 39කට වඩා වැඩි පිරිසක් අන්ධභාවයෙනුත්, මිලියන 285ක් පමණ පිරිසක් ඇස් පෙනීමේ දුර්වලතාවලිනුත් පීඩා විඳිති. මේ අතුරින් සියයට 80ක් පමණ ම සුව කළ හැකි තත්ත්වයේ පවතී. අන්ධභාවයට පත් වූ සහ ඇස් පෙනීමේ දුර්වලතාවලින් පෙළෙන වැඩි පිරිසක් ජීවත්වනුයේ තුන්වන ලෝකයේ රටවලය. මේ අතුරින් සියයට 50කගේ පමණ අන්ධභාවය සඳහා හේතු වන ප‍්‍රධාන ම සාධකය වන්නේ ඇසේ සුද ඇතිවීමයි. මෙරට තුළ ලක්ෂ 02කට වඩා වැඩි ළමා හා වැඩිහිටියන් ප‍්‍රමාණයක් අන්ධභාවය නිසා පීඩා විඳිනු ලැබේ. මේ අතුරින් සියයට 70ක් පමණ ඇසේ සුද නිසා අන්ධභාවයට පත් ව සිටී. 

    මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කර සිටියේ විෂන් 2020 වැඩසටහන යටතේ කිලිනොච්චිය දිස්ත‍්‍රික් මහ රෝහලේ දී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 100ක් සාර්ථක ව සිදු කරනු ලැබූ බවයි. මෙය ඉතා ම ඓතිහාසික කාර්යයක් ලෙස සලකමින් මෙම ශල්‍යකර්ම සිදු කිරීම සඳහා මාතර මහ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍යතුමා ඇතුළු වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල සහභාගී වූ බවත් ය.


    පසුගිය කාලය තුළ විෂන් 2020 වැඩසටහන යටතේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කිලිනොචේචිය, යාපනය, මුලතිව්, වවුනියාව, මන්නාරම වැනි රෝහල් ගණනාවක සිදුකරනු ලැබූ බවත් එමෙන් ම ඔක්තෝබර් මාසයේ මන්නාරම රෝහලේ මෙවැනි ශල්‍යකර්ම 200ක් කිරීමට අවශ්‍ය වැඩකටයුතු ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත විෂන් 2020 වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


    මෙම අවස්ථාවට විෂන් 2020 වැඩසටහනේ වෛද්‍ය අසේල අබේධීර මහතා ද සහභාගී වී සිටියේය.  

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya