මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕනෑ ම අවදානම් අවස්ථාවක මැතිවරණයක් පවත්වා ජයගත හැකි එක ම නායකයා ජනාධිපතිතුමායි

    සැප්තැම්බර් 15, 2014

    ලංකාවේ දේශපාලඥයන්ගෙන් ඕනෑ ම අවදානම් අවස්ථාවකදී මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කළ හැකි, එසේ ජයග්‍රහණය කර පෙන්වා ඇති, එක ම නායකයා අතිගරු ජනාධිපතිවරයා බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.


    නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසුවේ තණමල්විල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය කතානායකවරයා මෙසේද පැවසීය. "අද මැතිවරණවලට බය සමහර විපක්ෂයේ අපේක්ෂකයන් කියනවා ආණ්ඩුව ඌව මැතිවරණය තියන වෙලාව හොඳ නෑ. දැන් තියෙන නියං තත්ත්වය නිසා මිනිස්සු ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ. මේ පාර ආණ්ඩුව ඉවරයි කියලා. නමුත් මම කියන්න කැමතියි අද ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. ඒ ජනතාව දන්නවා රජයකට පාලනය කළ හැකි, නොකළ හැකි දේ මොනවද කියලා. පසුගිය උතුරු මැද ඡන්දේ තියෙන වෙලාවේ උතුරු මැද විශාල නියඟයක් තිබුණා. එදත් විපක්ෂය මේ වගේ ම කිව්වා, මෙදා පොටේ ආණ්ඩුව ඉවරයි. මහින්ද රාජපක්ෂට මැතිවරණ සිතියම වැරදිලා කියලා. දැන් තමයි හොඳ ම වෙලාව, මේ මැතිවරණයෙන් පස්සේ එජාප ආණ්ඩුවක් ගන්න අවශ්‍ය දේවල් කරන්න පුළුවන් කියලා. 


    නමුත් ප්‍රතිඵල ආවහම තුනෙන් දෙකක බලයකින් එජනිස රජය දිනුම්. අපේ ජනාධිපතිතුමාගේ මැතිවරණ සිතියම කිසි දිනක වැරදිලත් නෑ. වරදින්නෙත් නෑ. මෙදා සැරේ ඌවේදී වෙන්නෙත් ඔය ටිකම තමා. ලබන 21 වෙනිදා සන්ධානයේ ජයත් සමඟින් ආයිත් එජාපයේ ඇතුළේ උග්‍ර සටන් ඇවිලෙනවා. එහෙම ඇවිලෙන සටන්වලින් පස්සේ ඔය දැන් එජාප වේදිකාවේ කෑගහන තව දෙතුන් දෙනෙක් අපේ පැත්තට එනවා.

     

    සංවර්ධනය කොළඹට මෙන් ම ගමට ද එක ලෙස එක ම ආකාරයකින් ගෙන ගිය මේ රජය කෙරෙහි ගමේ ජනතාවගේ ඇත්තේ ලොකු විශ්වාසයක්. ඒ විශ්වාසය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු සන්ධාන රජය කෙරෙහි ගමේ ජනතාවට හැමදාම තියෙනවා. අද විපක්ෂය වැඩිපුරම පහර දෙන්නේ මේ සංවර්ධන වැඩවලට. ඔවුගේ සියලු විවේචන තියෙන්නේ මේ දේවල්වලට. ඔවුන් කැමති නෑ ගමේ පාරක් හැදෙනවට, ගමට වතුර ටික, ගමට ලයිට් එනවට. එතකොට ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුවෙලා නිසා විපක්ෂයේ අරමුණු වෙනුවෙන් ජනතාව පාරට බස්සන්න ඔවුන්ට බැරි වෙනවා. ඒ නිසා පාර හැදුවත් බනිනවා. වතුර දුන්නත් බනිනවා, ප්‍රජා ශාලාව හැදුවත් බනිනවා. ඒ බැනලා බැනලා යන්නෙත් අපි හදපු පාරේමයි. රැස්වීමක් තියන්නේ අපි හදපු ප්‍රජා ශාලාවේමයි. මේ වෛරී සහගත දේශපාලඥයන් වැඩකරපු හිටපු මහ ඇමතිවරයාට මේ තරම් බය, ඔය හේතු නිසයි. ඔවුන් දන්නවා අයිත් හිටපු මහ ඇමතිවරයා අනිවාර්යයෙන් ම මේ සැරෙත් මහ ඇමති වෙනවා. එහෙම වුණා ම අයිත් ඔහු මේ සංවර්ධන යුද්ධය කරගෙන යනවා. එහෙම වුණා ම මේ කපේදී ජනතාව ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් එකඟ කර ගන්න බැරි බව දන්නවා" යැයි ද ඒ මහතා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya