අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොරකම් කරන්න සහනාධාර දෙන්න ආණ්ඩුවකට බැහැ

    සැප්තැම්බර් 15, 2014

    ඉන්ධන සහනාධාරය ලබා දුන් පසු විවිධ පුද්ගලයන් එය හොරකම් කරන්න පටන් ගත් බවත් මේ නිසා ඉන්ධන සහනාධාරයෙන් විශාල වංචාවක් සිදු වුණ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    මේ විදියට එක එක්කෙනාට හොරකම් කරන්න සහනාධාර දෙන්න ආණ්ඩුවටකට බැහැ. ආණ්ඩුව ජනතාවට සහනාධාර දෙන්නේ හොඳ හිතින්. නමුත් ඒවා වංචා කරන අයත් ඉන්න  නිසා ධීවර ජනතාවට විකල්ප සහනාධාර ක‍්‍රමය හඳුන්වා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කළුතර දිස්ත‍්‍රික්කයේ ධීවර ජනතාවට විකල්ප සහනාධාර ලබාදීම සඳහා කළුතර දිස්ත‍්‍රික් ධීවර කාර්යාලයේ පැවති උත්සවයේදීය.

     

    මෙම ධීවර විකල්ප සහනාධාර සඳහා ධීවර දෙපාර්තමේන්තුව මඟින් රට පුරා ම ධීවර දිස්ත‍්‍රික්කවලින් ධීවරයන්ගෙන් ඉල්ලුම්පත් කැඳවා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව මෙම සහනාධාර ලබාදීමට සැලසුම් කොට තිබේ. මෙහි පළමු අදියර කළුතර දිස්ත‍්‍රික්කයෙන් ක‍්‍රියාත්මක කරනු ලැබීය. මේ යටතේ කළුතර දිස්ත‍්‍රික්කයේ ධීවරයන් 391ක් මෙම සහනාධාර ඉල්ලා ඇති අතර ඒ සඳහා එක් අයෙකුට රුපියල් 11,500ක් වටිනා ධීවර කට්ටල ලබාදීමට අපේක්ෂිතය. මේ සඳහා වැය කරන සම්පූර්ණ මුදල රුපියල් ලක්‍ෂ 440කි. මෙය සංකේතවත් කරමින් ධීවරයින් 46 දෙනෙකුට මෙහිදී අමාත්‍යවරයා අතින් ධීවර සහනාධාර කට්ටල බෙදාදෙනු ලැබීය. 

     

    මෙහිදී අදහස් දක්වමින් කතාකළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "ඔබ දන්නවා අපි ඉන්ධන සහනාධාරය ලබා දුන්නා. මේ සඳහා වසරකට රුපියල් මිලියන 400ක් වැය කළා. එවැනි මුදලක් කිසිම රටක ධීවරයන්ට ඉන්ධන මිල වැඩි වුණා කියලා දුන්නේ නැහැ. ඒක දුන්න එකම රට අපේ ලංකාව විතරයි. එය දුන්නේ කාගේවත් බලපෑමකට නොවෙයි. අපේ ධීවර මහා සම්මේලනයේ ඉල්ලීම නිසයි. ඉන්ධන වැඩිවෙනවා කියපුදා මධ්‍යම රාත‍්‍රියෙන් පසු මම උදේම අපේ ධීවර දිස්ත‍්‍රික් නායකයන් කැඳවා ඔවුන් සමඟ දිගින් දිගටම කතා කළා. මහා භාණ්ඩාගාරයත් එක්කත් මේ ගැන කතා කළා. ඒ කටයුතුවලින් පසු ඉන්ධන සහනාධාරය ලබා දෙන්න පියවර ගත්තා.

     

    අනෙක් දිස්ත‍්‍රික්කවල අය සමඟත් සාකච්ඡා කර ඒ ධීවර සහනාධාරය හැම දෙනාටම ලබා දුන්නා. මේ යටතේ රජය විශාල මුදලක් ඔබට ලබාදුන්නා. ඒ අනුව බහුදින යාත‍්‍රාවලට මාසයකට රුපියල් 31,300ක් දුන්නා. අනෙක් කට්ටියට රුපියල් 14,000ක් දුන්නා. ඒ විධියට ධීවර සහනාධාර ලබා දුන්නා. එවිට සමහරු කෑ ගැහුවා අපට ධීවර සහනාධාරය එපා කියලා. ඔවුන් ඉල්ලුවේ ඉන්ධන මිල අඩු කරන්න කියලා. මොකද ඔවුන් දන්නවා රටේම පවතින ඉන්ධන මිල අඩු කරන්න බැහැ කියලා. නමුත් අපි ඉන්ධන සහනාධාරය ක‍්‍රියාත්මක කළා. එයින් අතිමහත් බහුතරය සහන ලබා ගත්තා. මෙයින් පසු විවිධ දූෂණ වංචා ආරම්භ වුණා. පෙට්රල් ෂෙඩ් හා ධීවර ව්‍යාපාරිකයෝ එක්වෙලා විශාල වංචාවක් කළා. 

     

    ඒ වංචාව අඩු කරන්න අපි තව පියවරක්  ගත්තා. ඉන්ධන නිකුත් කරන්නේ ධීවර වරායේ ඉන්ධන පිරවුම් හලෙන් විතරයි. ඉන් මාසෙකට රුපියල් කෝටි 4ක් ඉතුරු කර ගත්තා. එහිදී අපි නියම යාත‍්‍රාවලට විතරක් ඉන්ධන ගැහුවා. ඒ විදියට අපි කාලයක් කර ගෙන ගියා. නමුත් ඊට පස්සේ එයිනුත් අයථා ක‍්‍රම පටන් ගත්තා. ඒ නිසා රජය තීන්දුවක් ගත්තා. එක එක්කෙනාට හොරකම් කරන්න මේ සහනාධාර දෙන්න බැහැ. එහෙම සල්ලියක් ආණ්ඩුවට නැහැ. මේ සහනාධාර දුන්නේ සල්ලි වැඩිකමට නොවෙයි. භාණ්ඩාගාරයේ මූල්‍ය අතිරික්තයක් ඇති නිසා නෙවෙයි. අපි අයවැය හිඟයක් තියෙද්දීයි මෙය ඔබට දෙන්නේ. මෙය විවේචනය කරන්න කට්ටියට හරිම ලේසියි. අපේ රටේ තියෙන ජනප‍්‍රියම දේ තමයි හැම එකම විවේචනය කිරීම. සමහර පක්‍ෂ හැදිලා තියෙනවා අම්මා, තාත්තගේ ඉඳලා විවේචනය කරනවා. ඒ නිසා තමයි මේ වගේ රටවල් ඉතාම මන්දගාමීව ඉදිරියට යන්නේ. ඒ නිසා තීන්දු කළා මේ සහනාධාරය නැවැත්වීමට. එය නැවැත්වුවාට පසුව සටන් පාඨය වුණේ ඉන්ධන සහනාධාරය වහා දියව් කියලා. ඒ නිසා ඉල්ලන ඉල්ලන දේ දෙන්න අපිට පුළුවන් කමක් නැහැ.

     

    මම ලංකාවට ම මේ අවුරුද්ද අවසන් වීමට පෙර ජැකට් 37,000ක් බෙදනවා. අපි ගත්ත ජැකට් එකක ගණන රුපියල් 1917.50යි. අද යාත‍්‍රාවක් හදලා ඉවර වුණාම සීනෝර් එකෙන් සහතිකයක් ගත යුතුයි. හැම යාත‍්‍රාංගණයක්ම සහතිකයක් ගත යුතුයි. ලංකාවේ තියෙන සියලු භාණ්ඩ ඔබේ ජීවිතය ගලවාගන්න තත්ත්ව සහතිකයකට යටත්වයි එන්නේ. පිටරටින් එන භාණ්ඩයට SLS සහතික නැත්නම් ගන්නේ නැහැ. ඒ විධියට අද අපි යම්කිසි පාලනයක් ඇති කරලා තියෙනවා. 

     

    සීනෝර් එකේ දැල්වලින් කවදාවත් ප‍්‍රශ්නයක් ඇති වෙලා නැහැ. රජයේ නිෂ්පාදන කියන්නේ යම් ප‍්‍රමිතියක් තියෙන ඒවා. මේ විධියට අපි ලංකාව පුරා දැල් කට්ටල ලක්‍ෂ 225 වඩා වැඩියෙන් බෙදනවා. ජැකට් 37,000ක් බෙදනවා. අද අපි කළුතර දිස්ත‍්‍රික්කයෙන් පටන් ගන්නවා. ඉතුරු නිෂ්පාදනත් එන එන විධියට හැම කෙනාටම බෙදා දෙනවා. අපි ඔබට මේවා ලබාදෙන්නේ වැදගත් විදියට හොඳට ධීවර කර්මාන්තය කරගෙන යන්නයි. මට ඕනෑ මම යන්න කලින් හොඳ ධීවර කාර්මිකයෙක් ගොඩනගන්නයි.  මේ විදියට මිරිදිය කර්මාන්තයටත් සලකනවා. අද විසිතුරු මසුන් ව්‍යාපාරයේ සුරතල් මසුන් වැඩිපුරම පිටරට යවන්නේ කළුතර දිස්ත‍්‍රික්කයෙනුයි. ගිය වසරේ බිලියන 1.3ක් මාළු පිටරට යැව්වා." යැයි ද පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya