අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයට අලුතින් 6332ක්

    සැප්තැම්බර් 15, 2014
    ඉදිරි මාස කිහිපයක කාලය තුළ රාජ්‍ය සේවය සඳහා නිලධාරීන් 6332ක් බඳවාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා 4,429ක්,  ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා විවෘත, සීමිත හා කුසලතා යන පදනම්වලින් 230ක්, තොරතුරු තාක්ෂණ නිලධාරී III ශ්‍රේණිය සඳහා 640ක් ඉදිරියේදී  බඳවා ගැනීමට නියමිතය. 
     
    එසේම පවතින අවශ්‍යතා සලකා බලා භාෂා පරිවර්තක තනතුර සඳහා ද 233ක් ඉදිරියේදී 
    බඳවා ගැනෙනු ඇත. 
     
    ග්‍රාම නිලධාරි සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගියදා අලුතින් ග්‍රාම නිලධාරින් 
    4,000ක පමණ පිරිසක් පසුගිය කාලයේ බඳවාගනු ලැබූ අතර ද එහිදී පත්වීම් භාර 
    නොගත්, සේවය අත්හැරගිය සහ මෑතකදී ඇති වු නව පුරප්පාඩු ද සලකා නවක ග්‍රාම 
    නිලධාරීන් ලෙස පසුගිය විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් තවත්  800කට ආසන්න 
    පිරිසක් ඉදිරි කාලයේ දී බඳවා ගැනිමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya