මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා රැඳවියන්ට ස්වයං රැකියා පුහුණුවක් වැලිකඩ දී

    සැප්තැම්බර් 15, 2014

    බන්ධනාගාරගත වී සිටින කාන්තා රැඳවියන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් වනිතා සංවර්ධන ඒකකයේ සහයෝගයෙන් ආරම්භ කර තිබේ.

    කාන්තා රැඳවියන් 40ක් තෝරාගෙන සැප්. 2 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ දී මෙම ස්වයං රැකියා පුහුණු වැඩසටහන ආරම්භ කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරීනී අනුරාධා මායාදුන්නේ මහත්මිය පැවසුවාය.

     

    මෙහිදී රෙදි මුද්‍රණය,කොණ්ඩා කැපීම, රූපලාවන්‍ය යන අංශයන්ගෙන් රැඳවියන්ට පුහුණුවක් ලබා දීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් වනිතා සංවර්ධන ඒකකය අපේක්ෂා කරයි.

     

    නිදහස් වී යන රැඳවියන්ට මේ අංශ යටතේ පුහුණුවක් ලබා දීමෙන් සමාජයට පිවිසිමෙන් පසු ස්වයං රැකියා මඟින් ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදා කර දීම මෙයින් බලාපොරොත්තු වන බව ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

     

    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් මෙම පුහුණුව සඳහා ප්‍රතිපාදන සපයනු ලැබේ.

     

    SDF/JW/DMU_Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya