අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරට වැඩ කරනවා වගේ ම පුත්තලමටත් වැඩ කරන්න ඕනේ

    සැප්තැම්බර් 15, 2014

    යුධමය වාතාවරණය තියෙද්දී අපේ මුස්ලිම් සහෝදරවරු 70,000ක් බලාගත්ත ප්‍රදේශයක් පුත්තලම දිස්ත්‍රික්කය.  උතුරට වැඩ කරනවා වගේ ම පුත්තලමටත් වැඩ කරන්න ඕනේ යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුයේ පසුගියදා පුත්තලම චිලව් සිටි හෝටලයේ පැවති පළාත් පාලන ආයතන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ පුරනැගුම සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. 


     එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ වගේ ව්‍යාපෘතියක් වයඹ පළාතේ ආරම්භ කිරීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා පසුගිය කාලයේදී ප්‍රාදේශීය සභාවලට දැවැන්ත ලෙස අරමුදල් ලබා දීලා ශක්තිය දුන්නා. 1994 ඉඳලා 2005 වගේ වෙනකම් ප්‍රාදේශීය සභාවලට කුඩා අරමුදලක් ලබා දුන්නත් දැන් ඊට වඩා ඉහළ මට්ටමින් හම්බවෙනවා. මමත් 1997 දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදියට හිටියා. අපි ඒ දවස්වල ශ්‍රම දායකත්වය යොදා ගෙන ට්‍රැක්ටර්වලින් පස් බොරළු ගෙනල්ලා පාරවල් දෙපැත්ත සුද්ද කරලා පාරවල් හැදුවේ. අද බොරළු පාරවල් වෙනුවට තියෙන්නේ කාපට් පාරවල්. ඒ වගේ ම අපි eye roads  ව්‍යාපෘතිය හඳුන්වලා දීලා තියනවා. ඒ යටතේ කිලෝ මීටර් 705ක් වයඹ හදනවා . ඒ වගේ දැවැන්ත ව්‍යාපෘති යටතේ පුත්තලම් දිස්ත්‍රික්කයට කිලෝ මීටර් 220කුත් කුරුණෑගල දිස්ත්‍රික්කයට කිලෝ මීටර් 485කුත් ලබා දෙන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමා මේ ව්‍යාපෘති වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර සපයාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගෙන යනවා. දුර්වල වූ ප්‍රාදේශීය සභා ගණනාවක් පුත්තලමේ තියනවා. සෑම ආසනයකට ම මිලියන 400කට අධික සංඛ්‍යාවක් ජනාධිපතිතුමා සපයා දී තියනවා.


     ඒ වැඩ කටයුතු ටිකත් සමඟ රුපියල් මිලියන 50ක් එක ප්‍රාදේශීය සභාවකට ලැබෙනවා. මේ ක්‍රියාදාමයන් සමඟ ප්‍රාදේශීය සභාවලට දැවැන්ත ලෙස වැඩකරන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සභාපතිවරු ගෙන්නලා මේ සියල්ල ගැන දැනුවත් කරා. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් තුමාට, ලෝක බැංකුවට අපි ගෞරවය පුද කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේත් දුෂ්කර ප්‍රාදේශීය සභා තියනවා. පොල්පිතිගම, ගිරිබාව, ගල්ගමුව වගේ ප්‍රාදේශීය සභාවල ලක්ෂ 12ක වගේ ආදායමක් තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අපිට ගොඩක් වටිනවා. මම ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට කියන්නේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන්ට සහයෝගය දෙන්න.‍ 


     
    මෙම අවස්ථාවට වයඹ පළාත් පරිවාස හා සුභසාධන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, වයඹ පළාත් සභා මන්ත්‍රී චින්තක මායාදුන්න, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, නියෝජ්‍ය ලේකම් වී. මාලනී, පළාත් පාලන කොමසාරිස් බුවනෙක හේරත්, වයඹ සංවර්ධන අධිකාරියේ සභාපති දීප්ති ළමාහේවා, ලෝක බැංකු උපදේශක මණ්ඩලයේ සරත් වික්‍රමරත්න සහ හැරල්ඩ් මල්ලවාරච්චි, ඕස්ට්‍රේලියානු  මහ කොමසාරිස් කාර්යාලයේ දිල්හාරා ගුණරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya