අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීනි කම්හල් මුදලාලිලාට විකුණූ අයට බඩු මිල ගැන කතා කරන්න අයිතියක් නෑ

    සැප්තැම්බර් 02, 2014

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක ඡන්ද මංකොල්ල කා නැති බව පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා පවසයි. 


    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා  නීතිරීති ගෙන යන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. තුවක්කුවෙන් වෙඩි උන්ඩෙන් මැතිවරණ කළ කාලය අපට අමතක නැහැ. 


    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, "එම භීෂණ සංස්කෘතිය බිහි කළේ යු.එන්.පී.යයි. ඒ නිසා ජනතාවට එවැනි මැතිවරණ වටපිටාවක් දැක ගැනීමට කිසිදු වුවමනාවක් නැහැ. 

     අද ආර්ථිකය ගැන මහා ඉහළින් කතා කරන ඇතැමුන් එදා මේ ප්‍රදේශවල අහිංසක ජනතාවගේ අත මිට සරු කර ගැනීමට ඇති කෙරුණ සෙවණගල, පැල්වත්ත වැනි සීනි කම්හල් තම දේශපාලන හිත මිතුරන්ට ලබා දී ඒවායේ නිෂ්පාදන අඩාල කළා. මිනිසුන්ට රැකියාව අහිමි කළා. සීනි නිෂ්පාදනය වෙනුවට මත්පැන් පෙරීමට අවශ්‍ය මොලැසස් වැනි අතුරුනිෂ්පාදන සිදු කළා. ඒ වගේ ම රජයට භාණ්ඩ බෙදා දීමට තිබු සතොස වැනි ආයතන විකුණා දමමින් සියල්ල සුළු ව්‍යාපාරිකයන් පිරිසකගේ අතට පත් කළා. අද ඒවායේ විපාක තමයි අපට ගෙවන්න වෙලා තියෙන්නේ. ගමේ හරකා බාන අද නැහැ.

     

    ගමේ නිෂ්පාදන අඩපණ කරලා. කොම්පැනිකාරයා පිටරටින් ගෙන්වන දේවල් පරිභෝජනයට පුරුදු කළේ  යු.එන්.පි.යයි.  ඒ නිසා ඔවුන්ට රටේ බඩු මිල ගැන කතා කිරීමට අයිතියක් නැහැ. අපි නැවත සීනි කම්හල් රජය ට පවරා ගෙන නිෂ්පාදන ආරම්භ කළා. ලක් සතොස ජාලය ව්‍යාප්ත කළා.


    දිවිනැගුම වැඩසටහන් තුළින් ගෙවතු වගාවට විශාල අත්වැලක් ලබා දුන්නා. ඒවාගේ ම කිරි නිෂ්පාදනයද ඉහළ නැංවීමට අයවැය ලේඛනයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. 

    මේ තුළින් රට ආර්ථික ස්ථාවර භාවයක් ඇති වන බව මගේ විශ්වාසයයි. ඒ නිසා ඌවේ ජනතාවට මෙන්ම රටේ කිසි කෙනෙකුට බඩගින්නේ මියයාමට ජනාධිපතිතුමා කටයුතු කර නැහැ. එම විශ්වාසය ඌව පළාත් මැතිවරණයෙන් මනා ව පැහැදිලි වන බව මේ පැමිණි විශාල ජනතාවට සමීප වුණා ම මට හොඳට ම දැනනෙවා."
    මේ අවස්ථාවට සබරගමුව පළාත් සභා නියෝජ්‍ය සභාපති එච්.ආර්.එස්. දුෂ්මන්ත මිත්‍රපාල, සබරගමුව පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ හා දැරණියගල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද ඊට සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya