අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය පක්ෂය සඳහා විශේෂ වෛද්‍ය සායනයක්

    සැප්තැම්බර් 02, 2014

    පූජ්‍ය පක්ෂය සඳහා විශේෂ වෛද්‍ය සායනයක් ලබන 05 වැනි දින මොනරාගල බුක්කීරියගොල්ල රජමහා විහාරයේදී පැවැත්වීමට නියමිතය.


    මීට සමගාමීව සැප්තැම්බර් 13 වෙනි දින උදේ 8.30 සිට තණමල්විල මහවැලි කේන්ද්‍රයේදී ද මෙවැනිම සායනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පක් අනුව රත්ගම සංවර්ධන පදනම මෙහෙයවීමෙන් ඌව පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මෙය සංවිධානය කර ඇත. ඌව පළාතේ ගරුතර ස්වාමීන්වහන්සේට සහ අනිකුත් පූජකවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම අරමුණු කර ගෙන මේ වෛද්‍ය සායනය පැවැත්වෙනු ඇත. 

    මෙහිදී වකුගඩු රෝග, අක්මා රෝග, අධික රුධිර පීඩනය, කොලොස්ට්‍රෝල්, දියවැඩියාව යනාදී බෝ නොවන රෝග පිළිබඳව රුධිර පරීක්ෂණ සහ ඊ.සී.ජී. පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

    වෛද්‍ය සායනයන්ට අමතරව රත්ගම සංවර්ධන පදනමේ අනුශාසක චමල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයෙන් සැප්තැම්බර් 06 සහ 07 දිනවල සියඹලාණ්ඩුව සහ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ දුෂ්කර ආගමික සිද්ධස්ථාන 30කට ප්‍රත්‍ය පහසුකම් සැලසීමේ සත්කාරක සේවාවක් සිදු කිරීමට ද කටයුතු යොදා ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya