අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය සැප්: 09 - 14 තෙලිජ්ජවිල දී

    සැප්තැම්බර් 02, 2014
    2014 ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය ලබන 09 සිට 14 වෙනි දින දක්වා මාතර තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී  පැවැත්වීමට නියමිතය.


    මෙවර ගොවි සතියේ අරමුණ වන්නේ හුදෙක් ප්‍රදර්ශනයකට සීමා නොකොට කෘෂිකර්මයට සම්බන්ධ අනෙකුත් අමාත්‍යාංශ හා ආයතන සමඟ සම්බන්ධව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් මඟින් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීමයි. 

     

    මෙහිදී නිල්වලා ව්‍යාපාරය වැනි ප්‍රදේශයට ආවේණික ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රාදේශීය කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීම සඳහා කෘෂිකර්මයට සම්බන්ධ අනෙකුත් අමාත්‍යාංශ හා ආයතන එක්ව මේ වර්ෂයේ වැඩසටහන් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන ගොවි සතියට සමගාමි සංවර්ධන වැඩසටහන් සඳහා යොදා ගනිමින් ඒකාබද්ධ වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය හා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ වේ.

     

    ජාතික ගොවි සතිය නිමිත්තෙන් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස ආරම්භ වුවත් මෙහි වැඩසටහන් ජූනි සිට දෙසැම්බර් දක්වා කාල පරාසය තුළ විහිදෙන ලෙස සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ තුළින් ප්‍රදේශයේ කෘෂිකාර්මික නවෝදයක් ඇති කරමින් ගොවීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට අපේක්ෂිතයි. 

    පාසල් සිසුන් විෂයෙහි හොඳම පාසල් ගෙවත්ත තෝරා ජයග්‍රාහි ගෙවත්ත හිමි පාසල සඳහා තිළිණ ලබා දෙනුයේ පාසල් කාලයෙන් අනතුරුව සාර්ථක කෘෂි ව්‍යවසායකයන් බවට පත් කරලීමේ අදහසිනි. එමෙන්ම ගොවි සම්මන්ත්‍රණ පවත්වා ගොවි ජනතාව දැනුවත් කිරීම හා දිරිමත් කිරීමත් මෙම ප්‍රදර්ශන කාලසීමාව තුළ සිදු කරනු ලබයි.

     

    එමෙන් ම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මෙන් ම කෘෂි කර්මාන්තය විසින් අප රට අත්කරගෙන ඇති දියුණුව විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශන භූමිය සැලසුම් කර ඇත. ප්‍රදර්ශන භූමිය තුළ කෘෂිකර්මාන්තය හා ආශ්‍රිත සේවා හා නිෂ්පාදන ඇතුළත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් ස්ථාපනය කර ඇති අතර ගොවි සතියේ එක් එක් දිනවල විවිධ තේමාවන් ඔස්සේ සාකච්ඡා, සම්මන්ත්‍රණ හා පුහුණු සැසි , ක්‍රීඩා තරග හා චිත්‍රපටි ප්‍රදර්ශන පවත්වනු ලැබේ. එමෙන්ම ප්‍රදේශයට ආවේණික කලා අංග ඇතුළත් කාෂිකර්මාන්තය ආශ්‍රිත සංස්කෘතිකාංග මඟින් මෙම උත්සව මාලාව තවදුරටත් විචිත්‍ර වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya