අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර කන්නයට ජලය ඉතාමත් අරපරිස්සමෙන් භාවිත කරන්න

    අගෝස්තු 22, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශවල දැනට පවතින ජල මට්ටම් ඉතාමත්ම සීමිත බැවින් මෙවර යල කන්නයේ වී වගාව බේරාගැනීම සඳහා ජලය නිකුත් කළ හැක්කේ ඉතාමත් අමාරුවෙන් බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ආර්.එම්.පී. කරුණාරත්න මහතා පසුගිය අඟහරුවාදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී පැවසීය.


    එම නිසා වී වගාවට ආරක්ෂා කර ගැනීම සඳහා කන්නය අවසන් වන තෙක් ජලය ඉතාමත් අරපරිස්සමෙන් භාවිත කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමට ද ඒ මහතා කටයුතු කළේය.

     

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ යල කන්නයේ වී වගා කටයුතු කළ කුඹුරුවල මේ වන විට අස්වනු නෙළමින් පැවතිය ද මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල යන ජලාශ යටතේ සහ මහවැලි ජී කලාපයේ වී වගාවන්ට මේ අවදානම පවතින බව ද කීය. 

     

    පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මේ රැස්වීම පැවැත්විණි.

     

    NDH/WK-BG dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya