මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළ ජාතික නිෂ්පාදිතයට පොලොන්නරුවේ දායකත්වය නැංවීමට වැඩසටහනක්

    අගෝස්තු 22, 2014

    දළ ජාතික නිෂ්පාදිතයට පොලොන්නරු දිස්ත්‍රික්කයේ දායකත්වය වර්ධනය කරලීමේ අරමුණින් ජාතික සංවර්ධන බැංකුව (NDB) විසින් තම ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා පවත්වනු ලබන පුහුණු වැඩසටහනක් අද (22) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ මූලිකත්වයෙන් මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ. මේ අවස්ථාවේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුවත් කෙරෙන බව ජාතික සංවර්ධන බැංකුවේ කදුරුවෙල ශාඛාවේ කළමනාකාර සීවලී ඉලංගසිංහ මහතා පැවසීය. 


    බිත්තර වී නිෂ්පාදනය, විසිතුරු පැළ නිෂ්පාදනය, ලුහු ඉංජිනේරු කර්මාන්තය, සම්භාණ්ඩ නිෂ්පාදනය, සුළු ඇඟලුම් කර්මාන්තය සහ රූපලාවන්‍ය යන ක්ෂේත්‍රයන්හි නියුතු බැංකුව සමඟ ගනුදෙනු කරන කර්මාන්තකරුවන් 150 දෙනෙකු මෙහිදී දැනුවත් කිරීමට නියමිතය. 

     

    මීට සමගාමීව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නියඟය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නැංවෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඩී.ජේ. විජයකුමාර, NDB බැංකුවේ සුළු හා මධ්‍ය ප්‍රතිමූල්‍ය කළමනාකාර ඉන්දික රණවීර, පොලොන්නරුව කුඩා ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂිකා එච්.ජී.වී.එන්. දමයන්ති, NDB බැංකුවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කළමනාකාර සුරේෂ් විජේසිංහ යන මහත්ම මහත්මීහු සහභාගිවනු ඇත.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya