අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත තුළ ඇති අපේම වූ අනන්‍යතාවක් සහිත නිර්මාණ ඇතුළත් හස්ත කර්මාන්තය දියුණු කර ගැනීමට කැපවෙමු

    අගෝස්තු 22, 2014

    ප්‍රධාන රාජධානි හතරකින් හා අනු රාජධානි දෙකකින් යුක්ත වයඹ පළාත එදා සිට අද දක්වා හස්ත කර්මාන්තයෙහි දක්ෂයන් මෙන් ම එම ශිල්පයෙහි ප්‍රවීණයන්ද සිටිනවා.

    ඒ අනුව අපි සංචාරක ක්ෂේත්‍රයේ තෝතැන්නක් ලෙස වයඹ පළාත නගාසිටුවද්දී පාරම්පරික නිර්මාණකරුවන්ටද හොඳ වෙළඳපොළක් තැනෙන වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙන්නේ යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 

     

    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (21) වාරියපොළ නගර ශාලාවේ පැවති වයඹ පළාත් කුඩා කර්මාන්ත ශිල්ප ප්‍රදර්ශනය අමතමිනි. අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය කර්මාන්තකරුවන් නගාසිටුවීමට ජනාධිපතිතුමා කැපවී සිටිනවා. ශක්තිමත් වැඩපිළිවෙළක් යටතේ එතුමාගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාට හොද අනාගතයක් සැකසීම වෙනුවෙන් කැපවී වැඩ කරනවා. මම මේ අවස්ථාවේ අපේ නිලධාරීන් වෙතද ආරාධනා කරනවා අප සමඟ ම එකතු වී මෙම කර්මාන්තය නගා සිටුවන්න හොද අඩිතාලමක් දාන්න එකතුවෙන්න කියලා.

     

    වයඹ ජනකලා කේන්ද්‍රය තව දුරටත් වැඩි දියුණු කරලා ඔබලාගේ ගුණාත්මක නිෂ්පාදන, ශිල්පීය නිර්මාණ ප්‍රදර්ශනය කර අලෙවි කිරීමට වැඩි අවස්ථා සලසා දෙනවා. අපි දඹදෙණිය රාජධානිය ආශ්‍රිතව හස්ත කර්මාන්ත ගම්මානයක් නිර්මාණය කරනවා. එහිදී එම ගම්මානය තුළ ම නිෂ්පාදනය කර එහිදීම අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තිබෙනවා. දෙවනි අදියර ලෙස අපි පඬුවස්නුවර රාජධානියේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ගම්මානයක් හදනවා. කල්පිටියේ සංචාරකයින් සඳහා විවේක ගැනීම සඳහා අපි නවීන පහසුකම්වලින් සපිරි විවේකාගාරයක් හදලා තියෙන්නේ. අපි එහිදීත් දක්ෂ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම සඳහා අලෙවි හලක් විවෘත කරනවා. ඒ වගේම අපේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටුවා ඇති ජනකලා පදනමේ අලෙවි සැලටද ඔබේ නිර්මාණ යොමු කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. 


     අපේ විෂය භාර පළාත් අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ අමාත්‍යවරයා අලුතින් වැඩසටහන් ගණනාවක් මගින් ඔබ ශක්තිමත් කිරීමට කටයුතු කිරීම ප්‍රශංසනීයයි. වසරකට වරක් මෙලෙස දක්ෂ නිර්මාණකරුවන් ඇගයීම වගේම කාලෙන් කාලෙට විවිධ ප්‍රදේශවල  ප්‍රදර්ශන හා ‍අලෙවිසැල් පවත්වමින් ඔවුන්ගේ නිෂ්පාදන හා නිර්මාණ අලෙවි කිරීමේ ක්‍රියාවලියටද දායක වෙනවා. අපි සියලුදෙනා එකතුවෙලා වයඹ පළාත තුළ ඇති අපේම වූ අනන්‍යතාවයක් සහිත නිර්මාණ ඇතුළත් හස්ත කර්මාන්තය දියුණු කර ගැනීමට කැපවෙමු.
     

    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්.බලල්ල, වයඹ පළාත් සමාජ‍සේවා, සුභසාධන හා කුඩා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ, වයඹ පළාත් සභා මන්ත්‍රීනි මංජුලා දිසානායක, අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර  යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya